وَالتِّينِ وَالزَّيْتُونِ (1)

අත්තික්කා මතද, සෙයිතූන් (ඔලිව්) මතද, සත්තකින්ම!

وَطُورِ سِينِينَ (2)

සිනායි කන්ද මතද සත්තකින්ම!

وَهَٰذَا الْبَلَدِ الْأَمِينِ (3)

(මක්කාව වන) ආරක්ෂාව ලබා දෙන මෙම නගරය මතද සත්තකින්ම!

لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ (4)

නියත වශයෙන්ම අපි මිනිසාව ඉතාමත් අලංකාරවත් හැඩයකට උත්පාදනය කර ඇත්තෙමු.

ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ (5)

(ඔහුගේ නපුරු ක්‍රියාවන්හි හේතුවෙන්) පසුව ඔහුව දීනවූවන්ගෙනුත් දීන වූවෙකු බවට අපි පත් කර හරින්නෙමු.

إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ (6)

එහෙත් කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරමින් සිටින්නෝද, ඔවුන් හැර. (ඔවුන් උසස් ගතිගුණයන්ගෙන් යුතුව සිටින අතර) ඔවුන්ට (සදාකල්ම) නොවැළැක්වෙන (හොඳ) ඵලවිපාක ඇත.

فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّينِ (7)

මෙම තීන්දුවෙන් පසු (නබියේ!) ඔබව කවුරුන්ට නම් බොරු කළ හැකිද?

أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ (8)

විනිශ්චය කරන්නන් සියල්ලගෙන් අල්ලාහ් ඉතාමත් උසස් විනිශ්චයකරුවා නොවෙද?