بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ (1)

අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්

الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ (2)

සියලූම ප්‍රශංසා අල්ලාහ්ටය (ඔහු) සකල ලෝකයම නිර්මාණය කර, සංවර්ධනය කර, සංරක්ෂණය කර, පරිපෝෂණය කර, පරිපාලනය කරන්නාවූද

الرَّحْمَٰنِ الرَّحِيمِ (3)

අපරිමිත අනුකම්පාවද, අසමසම දයාවද

مَالِكِ يَوْمِ الدِّينِ (4)

විනිශ්චය දින අධිපති(ද වන්නේය)

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ (5)

(අනුකම්පාවද දයාවද පිරි අප දෙවියනේ) ඔබවම අප නමදින්නෙමු. ඔබගෙන්ම අප පිහිට පතන්නෙමු.

اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ (6)

ඔබ අපට ඍජු මාර්ගය පෙන්වා දෙනු මැනව

صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ (7)

ඔබගේ අනුකම්පාව හා දයාව කා හට පහළ කළේද, ඔවුන්ගේ මාර්ගයෙහි (යාමට සලස්වනු මැනව) (එය ඔබගේ) කෝපයට පාත්‍ර වූ මාර්ගයෙහිද නොව, අයහමග වූවන්ගේ මාර්ගයෙහිද නොව.