يس (1)

යා. සීන්.

وَالْقُرْآنِ الْحَكِيمِ (2)

සම්පුර්ණයෙන්ම ඥානයෙන් පිරි මෙම කුර්ආනය මත සත්තකින්ම!

إِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ (3)

(නබියේ!) නියත වශයෙන්ම ඔබ අපගේ දූතයින්ගෙන් කෙනෙකි.

عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ (4)

(ඔබ) ඍජු මාර්ගයෙහි සිටින්නෙහිය.

تَنْزِيلَ الْعَزِيزِ الرَّحِيمِ (5)

(මෙය සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු විසින් පහළ කර ඇත්තේය.

لِتُنْذِرَ قَوْمًا مَا أُنْذِرَ آبَاؤُهُمْ فَهُمْ غَافِلُونَ (6)

(යම්කිසි දූතයෙකු විසින්) තමන්ගේ මුතුන් මිත්තන්ට අනතුරු ඇඟවීම නොකරන ලද බැවින් (පරලොව ගැන) සම්පුර්ණයෙන්ම දුකක් නැතිව සිටින (අරාබිවරුන් වන මෙම) ජනතාවට බිය ගන්වා අනතුරු අඟවනු මැනව!

لَقَدْ حَقَّ الْقَوْلُ عَلَىٰ أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ (7)

නියත වශයෙන්ම මොවුන්ගෙන් වැඩි දෙනෙකු කෙරෙහි (ඔවුන් නිරාවාසීන්ය යයි දෙවියන්ගේ) පොරොන්දුව සත්‍යය වී ගියේය. එබැවින් ඔවුන් විශ්වාස කරන්නේම නැත.

إِنَّا جَعَلْنَا فِي أَعْنَاقِهِمْ أَغْلَالًا فَهِيَ إِلَى الْأَذْقَانِ فَهُمْ مُقْمَحُونَ (8)

නියත වශයෙන්ම අපි ඔවුන්ගේ ඛෙල්ලෙහි නිකට දක්වා දම්වැල් විළංගු දැම්මෙමු. එබැවින් ඔවුන්ගේ හිස් (නැවීමට නොහැකි වන සේ) කෙළින් වී ගියේය.

وَجَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُونَ (9)

ඔවුන් ඉදිරියෙන් බාධකයක්ද, පසුපසින් බාධකයක්ද වශයෙන් ඇති කර අපි ඔවුන්ව වසා දැමුවෙමු. එබැවින් ඔවුන්ට (කිසිවක්) බැලීමට නොහැකිය.

وَسَوَاءٌ عَلَيْهِمْ أَأَنْذَرْتَهُمْ أَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُونَ (10)

ඔවුන්ට ඔබ බිය ගන්වා අනතුරු ඇඟවීමද, අනතුරු නොඅඟවා සිටීමද, එක සමානය! ඔවුන් විශ්වාස කරන්නේම නැත.

إِنَّمَا تُنْذِرُ مَنِ اتَّبَعَ الذِّكْرَ وَخَشِيَ الرَّحْمَٰنَ بِالْغَيْبِ ۖ فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَأَجْرٍ كَرِيمٍ (11)

ඔබ බිය ගන්වා අනතුරු අඟවන්නේ, කවුරුන් හොඳ ඔවදන් අනුගමනය කර, රහසින්ද රහ්මාන්ට බිය වී කටයුතු කරන්නෝද, ඔවුන්ටය. එබැවින් මෙවැන්නන්ට සමාව මගින්ද, ගෞරවණීය ඵලවිපාක මගින්ද, ඔබ ශුභාරංචි දෙනු මැනව!

إِنَّا نَحْنُ نُحْيِي الْمَوْتَىٰ وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ ۚ وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ فِي إِمَامٍ مُبِينٍ (12)

නියත වශයෙන්ම අපිම මරණයට පත් වූවන්ව (පරලොවදී) පණ දී නැගිට්ටවන්නෙමු. ඔවුන් කරමින් යැවූ දැයද, ඔවුන් අත්හැර දමා ගිය දැයද, අපි ලියන්නෙමු. මේවා සෑම දැයක්ම (ලව්හුල් මව්ෆූල් නමැති) පැහැදිලි පිටුවෙහි සටහන් කර තබා ඇත්තෙමු.

وَاضْرِبْ لَهُمْ مَثَلًا أَصْحَابَ الْقَرْيَةِ إِذْ جَاءَهَا الْمُرْسَلُونَ (13)

(නබියේ!) අපගේ දූතයින් පැමිණි එක් රටවැසියන්ව ඔවුන්ට උදාහරණයක් වශයෙන් පවසනු. අපි ඔවුන් වෙත (යහ්යා, ඊසා, ආදී) දූතයින් දෙදෙනෙකු යැවූ අවස්ථාවේදී ඒ දෙදෙනාවම ඔවුන් බොරුකාරයින් කළහ. එබැවින් (ෂමඌන් නමැති) තුන්වැනි දූතයා මගින් (ඒ දෙදෙනාටම) උදව් කළෙමු.

إِذْ أَرْسَلْنَا إِلَيْهِمُ اثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوا إِنَّا إِلَيْكُمْ مُرْسَلُونَ (14)

එබැවින් මොවුන් (තිදෙනාම ඔවුන්ට) “ඇත්තෙන්ම අපි ඔබ වෙත යවන ලද (දෙවියන්ගේ) දූතයින් වන්නෙමු” යයි පැවසූහ.

قَالُوا مَا أَنْتُمْ إِلَّا بَشَرٌ مِثْلُنَا وَمَا أَنْزَلَ الرَّحْمَٰنُ مِنْ شَيْءٍ إِنْ أَنْتُمْ إِلَّا تَكْذِبُونَ (15)

එයට ඔවුන් “ඔබ අප වැනි මිනිසුන්ම (මිස, දෙවියන්ගේ දූතයින් නොව). රහ්මාන් (ඔබ කෙරෙහි) යම්කිසිවක් පහළ කළේ නැත. ඔබ බොරු කියන්නන්ම මිස, වෙන කිසිවෙකු නොව” යයි පැවසූහ.

قَالُوا رَبُّنَا يَعْلَمُ إِنَّا إِلَيْكُمْ لَمُرْسَلُونَ (16)

එයට ඔවුන් “නියත වශයෙන්ම අපි ඔබ වෙත යවන ලද දූතයින්ම යන්න අපගේ දෙවියන්ම හොඳින් දන්නේය” යයි පැවසූ අතර;

وَمَا عَلَيْنَا إِلَّا الْبَلَاغُ الْمُبِينُ (17)

“අපගේ දූත මෙහෙවර ප්‍රසිද්ධියේම ගෙනහැර දැක්වීම මිස, (ඔබට බල කිරීම) අප කෙරෙහි යුතුකමක් නොව” යයිද පැවසූහ.

قَالُوا إِنَّا تَطَيَّرْنَا بِكُمْ ۖ لَئِنْ لَمْ تَنْتَهُوا لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُمْ مِنَّا عَذَابٌ أَلِيمٌ (18)

එයට ඔවුන් “නියත වශයෙන්ම අපි ඔබලාගේ පැමිණීම දුර්නිමිත්තක් වශයෙන්ම ගණන් ගන්නෙමු. ඔබ (මෙයින්) ඈත් නොවුවහොත් නියත වශයෙන්ම ඔබට ගල් ගසා මරා දමන්නෙමු. තවද අපගේ වේදනා ගෙන දෙන දඬුවමද ඔබව අල්ලා ගනු ඇත” යයි පැවසූහ.

قَالُوا طَائِرُكُمْ مَعَكُمْ ۚ أَئِنْ ذُكِّرْتُمْ ۚ بَلْ أَنْتُمْ قَوْمٌ مُسْرِفُونَ (19)

එයට (අපගේ දුතයින්) “ඔබගේ දුර්නිමිති ඔබ වෙතම ඇත්තේය. ඔබට හොඳ බුද්ධිය ලබා දීම නිසාද (අපව දුර්නිමිති යයි පවසන්නේ?) ඔබම සීමාව ඉක්මවා ගිය ජනයා” යයි පැවසූහ.

وَجَاءَ مِنْ أَقْصَى الْمَدِينَةِ رَجُلٌ يَسْعَىٰ قَالَ يَا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ (20)

(මේ අතර) එම නගරයේ කඩමණ්ඩියේ සිටි (හබීබුන් නජ්ජාර් නමැති) මිනිසෙකු දිවැවිත් (එම නගරවාසීන්ට) මෙසේ පැවසීය: “මගේ ජනතාවෙනි! ඔබ මෙම දූතයින්ව (අනිවාර්යයෙන්ම) අනුගමනය කරනු

اتَّبِعُوا مَنْ لَا يَسْأَلُكُمْ أَجْرًا وَهُمْ مُهْتَدُونَ (21)

ඔබගෙන් කිසිම කුලියක් නොඉල්ලු (මොවුන් ඍජු මාර්ගය දේශනා කරන්නන් පමණක් නොව) මොවුන්ම (දෙවියන් විසින්) ඍජු මාර්ගයෙහි ඇතුළු කරනු ලැබූවන්ය.

وَمَا لِيَ لَا أَعْبُدُ الَّذِي فَطَرَنِي وَإِلَيْهِ تُرْجَعُونَ (22)

“මාව උත්පාදනය කළ අයව මා නොනැමද සිටීමට මට කුමක් නම් (සිදු වී ඇත්ද? විනිශ්චය සඳහා) ඔහු වෙතම ඔබව ආපසු ගෙන එනු ලබන්නෙහුය”.

أَأَتَّخِذُ مِنْ دُونِهِ آلِهَةً إِنْ يُرِدْنِ الرَّحْمَٰنُ بِضُرٍّ لَا تُغْنِ عَنِّي شَفَاعَتُهُمْ شَيْئًا وَلَا يُنْقِذُونِ (23)

“ඔහු හැර, (වෙන කිසිවක්) මා දෙවියන් වශයෙන් ඇර ගන්නෙමිද? රහ්මාන් මට යම්කිසි විපතක් කිරීමට අදහස් කළහොත් මේවායේ මැදිහත් වීම (එහි) කිසිවක් මගෙන් වළක්වා නොහරිනු ඇත. (එයින්) මාව මේවා විසින් බේරා ගැනීමටද නොහැක”.

إِنِّي إِذًا لَفِي ضَلَالٍ مُبِينٍ (24)

“(ඔහු කෙනෙකුවම මා නොනැමදුවහොත්) එවිට, නියත වශයෙන්ම මා ප්‍රකට දුර්මාර්ගයෙහි යන්නෙමි”.

إِنِّي آمَنْتُ بِرَبِّكُمْ فَاسْمَعُونِ (25)

“නියත වශයෙන්ම මා ඔබව උත්පාදනය කර, පෝෂණය කරන්නාවම විශ්වාස කර ඇත්තෙමි. (වෙන කිසිවෙකුත් නොව). එබැවින් ඔබ මා හට සවන් දෙනු” (යයි පැවසුවේය).

قِيلَ ادْخُلِ الْجَنَّةَ ۖ قَالَ يَا لَيْتَ قَوْمِي يَعْلَمُونَ (26)

(එහෙත් ජනයා ඔහුගේ හොඳ දේශනාවන්ට කණ් නොදී ඔහුව ඝාතනය කර දැමූහ. එබැවින් දෙවියන්ගේ සන්නිධානයෙන් ඔහුට) “ඔබ ස්වර්ගයට ඇතුළු වනු මැනව!” යයි කියනු ලැබීය. (ස්වර්ගයට ඇතුළු වූ) ඔහු “මගේ ජනතාව දැන ගත යුතු නොවේද?”

بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ الْمُكْرَمِينَ (27)

“මගේ දෙවියන් මට සමාව දී ඉතාමත් ගෞරවණීය අයගෙන් කෙනෙකු බවට මාව පත් කිරීම ගැන” යයි පැවසුවේය.

۞ وَمَا أَنْزَلْنَا عَلَىٰ قَوْمِهِ مِنْ بَعْدِهِ مِنْ جُنْدٍ مِنَ السَّمَاءِ وَمَا كُنَّا مُنْزِلِينَ (28)

එයට (ඔහුව ඝාතනය කළ) පසු ඔහුගේ ජනතාව (විනාශ කර දැමීමට ඔවුන්ට) අහසින් යම්කිසි සේනාවක් අපි පහළ කළේ නැත. එසේ පහළ කිරීමට අපට අවශ්‍යතාවයක් (ඇති වූවේද) නැත.

إِنْ كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ خَامِدُونَ (29)

එකම එක ශබ්දයක්ම ඇති විය! එවෙලේම ඔවුන් (සියල්ලන්ම මිය ගොස් විනාශ වී සියල්ල) අළු බවට පත් වූහ.

يَا حَسْرَةً عَلَى الْعِبَادِ ۚ مَا يَأْتِيهِمْ مِنْ رَسُولٍ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ (30)

(අහෝ! මගේ වහලූනි! මගේ) වහලූන් ගැන වූ ශෝකයයි! ඔවුන් වෙත (අපගේ) කුමන දූතයෙකු පැමිණියා වුවද, ඔවුන් ඔහුව සමච්චල් නොකර සිටියේ නැත.

أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنَ الْقُرُونِ أَنَّهُمْ إِلَيْهِمْ لَا يَرْجِعُونَ (31)

ඔවුන්ට පෙර කොපමණදෝ සමූහයන්ව අපි විනාශ කර දැමුවෙමු යන්න ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? (විනාශ වී ගිය) ඔවුන්, නියත වශයෙන්ම ඔවුන් වෙත ආපසු එන්නේම නැත.

وَإِنْ كُلٌّ لَمَّا جَمِيعٌ لَدَيْنَا مُحْضَرُونَ (32)

ඔවුන් සියල්ලන්ම අප වෙතම ඒකරාශී කර, ගෙන එනු ලබන්නෙහුය.

وَآيَةٌ لَهُمُ الْأَرْضُ الْمَيْتَةُ أَحْيَيْنَاهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُونَ (33)

මරණයට පත් වී වැටී සිටින (ඔවුන් වාසය කළ) භූමියද මොවුන්ට එක් සාධකයක් වන්නේය. එය අපිම (වර්ෂාව මගින්) පණ දී එයින් ධාන්‍ය ඉකුත් කරන්නෙමු. එයින්ම මොවුන් අනුභව කරන්නාහ.

وَجَعَلْنَا فِيهَا جَنَّاتٍ مِنْ نَخِيلٍ وَأَعْنَابٍ وَفَجَّرْنَا فِيهَا مِنَ الْعُيُونِ (34)

තවද එහි අපි ඉඳි, මිදි, උයන් වතු නිර්මාණය කර, එහි උල්පත් උතුරා දිය දහරා ගලා බසින්නට සලස්වන්නෙමු.

لِيَأْكُلُوا مِنْ ثَمَرِهِ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ ۖ أَفَلَا يَشْكُرُونَ (35)

මොවුන්ගේ අනුභවය ස`දහා ඒවායේ පලතුරු (වර්ග) යන් (අපි උත්පාදනය කරනවා මිස), ඔවුන්ගේ අත් මෙය කරන්නේ නැත. (මෙයට පවා) මොවුන් කෘතඥ වන්නේ නැද්ද?

سُبْحَانَ الَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنْبِتُ الْأَرْضُ وَمِنْ أَنْفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ (36)

භූමිය වැඩෙන්නට සලස්වන (පැලෑටි, ගස් කොලන්) සියල්ලද, මොවුන්වද, ජෝඩු ජෝඩු වශයෙන් උත්පාදනය කර, මොවුන් (මේ දක්වා) නොදත් (අනිත්) දැයද, උත්පාදනය කරන්නා ඉතාමත් පරිශුද්ධවන්තයෙකි.

وَآيَةٌ لَهُمُ اللَّيْلُ نَسْلَخُ مِنْهُ النَّهَارَ فَإِذَا هُمْ مُظْلِمُونَ (37)

රාත්‍රියද මොවුන්ට එක් සාධකයකි. එයින්ම අපි දහවල ඉකුත් කරන්නෙමු. එසේ නොමැති නම් මොවුන් අන්ධකාරයෙහි ගිලී යනු ඇත.

وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَهَا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ (38)

තමන්ගේ සීමාව තුළ (නොවැරදී) ගමන් කරන සූර්යයාද, (එක් සාධකයකි).

وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ (39)

මේවා (සියල්ල) හොඳින් දන්නෙකු හා බලසම්පන්නයා විසින් නියම කරන ලද දැයයි. (වියළී නැවී ගිය) පරණ ඉඳි අත්තක් මෙන් (තිබී පූරණ සඳක් වශයෙන්) පත් වන තුරු, චන්ද්‍රයාට අපි හැඩරූ ගණනාවක් ඇති කර ඇත්තෙමු.

لَا الشَّمْسُ يَنْبَغِي لَهَا أَنْ تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ ۚ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ (40)

සූර්යයා චන්ද්‍රයාට ළඟා විය නොහැක. රාත්‍රිය දහවල පසු කරන්නට නොහැක. (මෙසේම ග්‍රහයන්ද, තාරකාවන්ද) සෑම එකක්ම (තමන්ගේ) සීමා වටයන් තුළ පිහිනා යන්නේය.

وَآيَةٌ لَهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِي الْفُلْكِ الْمَشْحُونِ (41)

නැව බොහොමයක් මිනිස් සංහතියන් ඔසවාගෙන යාමට අපි සැලැස්වීමද නියත වශයෙන්ම ඔවුන්ට එක් සාධකයක් වන්නේය.

وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ (42)

ඔවුන් නැග යාමට එවැනි (රුවල් නැව් ආදී) දැයද අපි ඔවුන් වෙනුවෙන් උත්පාදනය කර ඇත්තෙමු.

وَإِنْ نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ (43)

අපි කැමති වුවහොත් ඔවුන්ව (මුහුදෙහි) ගිල්වා දමන්නෙමු. ඒ අතර (ආරක්ෂාව පතා ශබ්ද නගන) ඔවුන්ව බේරා ගැනීමට කිසිවෙකුත් නොසිටිනු ඇත. ඔවුන්ව බේරා ගනු නොලබන්නාහ.

إِلَّا رَحْمَةً مِنَّا وَمَتَاعًا إِلَىٰ حِينٍ (44)

(එහෙත්) අපගේ දයාවෙන් ටික කලක් ඔවුන්ට සැප සම්පත් විඳින්නට (අත්හැර දැමුවොත් මිස);

وَإِذَا قِيلَ لَهُمُ اتَّقُوا مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ (45)

“(දෙවියන්ගේ) කරුණාව, දයාව ඔබ අත් කර ගැනීමට ඔබ පසුපසින්ද, ඔබ ඉදිරියෙන්ද ඇති දැය (වන මෙලොව, පරලොව දඬුවම්) වලට ඔබ බිය වනු” යයි ඔවුන්ට කියනු ලැබුවහොත් (එය ඔවුන් ගණන් ගන්නේ නැත).

وَمَا تَأْتِيهِمْ مِنْ آيَةٍ مِنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا مُعْرِضِينَ (46)

තවද ඔවුන්ගේ දෙවියන්ගේ සාධකයන්ගෙන් කුමන සාධකයක් ඔවුන් වෙත පැමිණියා වුවද, එය ඔවුන් ප්‍රතික්ෂේප නොකර සිටින්නේ නැත.

وَإِذَا قِيلَ لَهُمْ أَنْفِقُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَنُطْعِمُ مَنْ لَوْ يَشَاءُ اللَّهُ أَطْعَمَهُ إِنْ أَنْتُمْ إِلَّا فِي ضَلَالٍ مُبِينٍ (47)

“අල්ලාහ් ඔබට ලබා දුන් දැයෙන් (දුප්පතුන්ට) දානමාන කරනු” යයි ඔවුන්ට කියනු ලැබුවහොත් “අල්ලාහ් අදහස් කළහොත් ඔහුම ආහාර ලබා දිය යුතු අයට අපට ආහාර දිය හැකිද? ඔබ ප්‍රකට දුර්මාර්ගයෙහි මිස, වෙන කිසිවක් නැත” යයි විශ්වාසවන්තයින්ට මෙම ප්‍රතික්ෂේප කරන්නන් (සමච්චලයෙන්) පවසන්නාහ.

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ (48)

තවද “ඇත්තෙන්ම ඔබ ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (අපට ඒවි යයි ඔබ පවසන දඬුවම ගැන) එම පොරොන්දුව කවදා නම් එන්නේද?” යයිද (සමච්චලයෙන්) විමසන්නාහ.

مَا يَنْظُرُونَ إِلَّا صَيْحَةً وَاحِدَةً تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ (49)

එකම එක ශබ්දයකට මිස, (වෙන කිසිවක් ගැන) ඔවුන් බලාපොරොත්තුවෙන් සිටියේ නැත! (මේ ගැන සමච්චලයෙන්) ඔවුන් තර්ක කරමින් සිටින විටදීම (එය) ඔවුන්ව අල්ලා ගනු ඇත.

فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةً وَلَا إِلَىٰ أَهْلِهِمْ يَرْجِعُونَ (50)

ඒ අවස්ථාවේදී ඔවුන් අන්තිම කැමැත්ත කීමට හෝ නැතහොත් තමන්ගේ පවුලේ උදවිය වෙත යන්නට හෝ නොහැකි වනු ඇත. (ඒ අතර විනාශ වී යනු ඇත).

وَنُفِخَ فِي الصُّورِ فَإِذَا هُمْ مِنَ الْأَجْدَاثِ إِلَىٰ رَبِّهِمْ يَنْسِلُونَ (51)

(අනිත් වතාවේදී කවදා) සූර් (නමැති හොරණෑව) පිඹිනු ලබන්නේද, එවෙලේම ඔවුන් සොහොන් වලින් ඉකුත් වී තමන්ගේ දෙවියන් වෙත (ඉතාමත්) වේගයෙන් දිව එන්නාහ.

قَالُوا يَا وَيْلَنَا مَنْ بَعَثَنَا مِنْ مَرْقَدِنَا ۜ ۗ هَٰذَا مَا وَعَدَ الرَّحْمَٰنُ وَصَدَقَ الْمُرْسَلُونَ (52)

(තවද) “අපගේ ශෝකයයි! අපව, අපගේ (සොහොන් වන) නිදන ස්ථානයන්ගෙන් නැගිට්ටෙව්වේ කවරෙක්ද?”යි විමසනු ඇත. (එයට මලායිකාවරුන් ඔවුන්ට) “රහ්මාන් (ඔබට) දුන් පොරොන්දුවද, නබිවරුන් (ඔබට) සත්‍යය යයි ගෙනහැර දැක්වූවේද මෙයයි” (යයි පවසන්නාහ).

إِنْ كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ جَمِيعٌ لَدَيْنَا مُحْضَرُونَ (53)

එය එකම එක ශබ්දයක් මිස, (වෙන කිසිවක්) නොතිඛෙණු ඇත. ඒ අතර ඔවුන් සියල්ලන්ම අප වෙත ඒකරාශී කර, ගෙන එනු ලබන්නාහ.

فَالْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ (54)

තවද එදිනදී කිසිම ආත්මයකට (එයගේ පින් අඩු කර හෝ පාපය වැඩි කර හෝ) කිසිම අපරාධයක් කරනු නොලබන්නාහ. ඔබ කළ දැය මිස, ඔබට ඵලවිපාක දෙනු නොලැබේ.

إِنَّ أَصْحَابَ الْجَنَّةِ الْيَوْمَ فِي شُغُلٍ فَاكِهُونَ (55)

එදිනදී නියත වශයෙන්ම ස්වර්ගවාසීන් සතුටින් පිරී ඉතිරී සිටින්නාහ.

هُمْ وَأَزْوَاجُهُمْ فِي ظِلَالٍ عَلَى الْأَرَائِكِ مُتَّكِئُونَ (56)

ඔවුන්ද, ඔවුන්ගේ භාර්යයාවන්ද, සෙවනෙහි ඇති යහනාවන්හි (ඉතාමත් සතුටින්) හාන්සි වී (වාඩි වී) සිටින්නාහ.

لَهُمْ فِيهَا فَاكِهَةٌ وَلَهُمْ مَا يَدَّعُونَ (57)

එහි ඔවුන්ට (විවිධ) පලතුරු වර්ග සමග ඔවුන් ඉල්ලන සියල්ල ලැඛෙනු ඇත.

سَلَامٌ قَوْلًا مِنْ رَبٍّ رَحِيمٍ (58)

(ඔවුන්ට) අසමසම අනුකම්පාවෙන් යුතු දෙවියන් විසින් “ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයි කියනු ලැබේ.

وَامْتَازُوا الْيَوْمَ أَيُّهَا الْمُجْرِمُونَ (59)

(අනිත් පාපතරයන්ට) “වැරදිකරුවනි! අද දින ඔබ (හොඳ අයගෙන්) වෙන් වී සිටිනු” (යයි කියනු ලැබේ).

۞ أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَنْ لَا تَعْبُدُوا الشَّيْطَانَ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ (60)

“ආදම්ගේ පරම්පරාවේ දරුවෙනි! ඔබ ෂෙයිතාන්ව නොනැමදිය යුතුය. නියත වශයෙන්ම ඔහු ඔබට ප්‍රකට සතුරෙකි යයි මා ඔබ වෙතින් ස්ථීර වූ පොරොන්දුවක් ලබා ගත්තේ නැද්ද?”

وَأَنِ اعْبُدُونِي ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ (61)

“ඔබ මාවම නැමදිය යුතුය. මෙයයි ඍජු මාර්ගය’(යයිද මා ඔබ වෙතින් ස්ථීර වූ පොරෙරොන්දුවක් ලබා ගත්තේ නැද්ද?)”

وَلَقَدْ أَضَلَّ مِنْكُمْ جِبِلًّا كَثِيرًا ۖ أَفَلَمْ تَكُونُوا تَعْقِلُونَ (62)

“(එසේ තිබියදී) ඔහු ඔබගෙන් විශාල සංඛ්‍යාවක්, නියත වශයෙන්ම මාර්ගය වැරද යැව්වේය. මෙය ඔබ දැන ගත්තේ නැද්ද?”

هَٰذِهِ جَهَنَّمُ الَّتِي كُنْتُمْ تُوعَدُونَ (63)

“ඔබට පොරොන්දු දෙන ලද නිරය මෙයයි”

اصْلَوْهَا الْيَوْمَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ (64)

“(මෙය) ඔබ ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් අද දින මෙහි ඔබ ඇතුළු වනු” (යයිද පවසන්නෙමු).

الْيَوْمَ نَخْتِمُ عَلَىٰ أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ (65)

එදින අපි ඔවුන්ගේ කටෙහි මුද්‍රා තබා හරින්නෙමු. ඔවුන්ගේ අත් අප වෙත කතා කරනු ඇත. ඔවුන් කරමින් සිටි (පාපතර) කාරණාවන් ගැන ඔවුන්ගේ කකුල්ද සාක්ෂි කියනු ඇත.

وَلَوْ نَشَاءُ لَطَمَسْنَا عَلَىٰ أَعْيُنِهِمْ فَاسْتَبَقُوا الصِّرَاطَ فَأَنَّىٰ يُبْصِرُونَ (66)

අපි අදහස් කර තිබුණේ නම් ඔවුන්ගේ ඇස් පෙනීම නැති කර ඇත්තෙමු. (ඒ අතර ඔවුන් බේරී යාමට) මාර්ගයක් සොයා දුවන්නේ නම්, කුමක් නම් බැලිය හැකිද?

وَلَوْ نَشَاءُ لَمَسَخْنَاهُمْ عَلَىٰ مَكَانَتِهِمْ فَمَا اسْتَطَاعُوا مُضِيًّا وَلَا يَرْجِعُونَ (67)

අපි අදහස් කර තිබුණේ නම්, ඔවුන්ගේ රුව වෙනස් කර, ඔවුන් සිටි ස්ථානයේම සිටින සේ (ගලක් වශයෙන් හෝ නොන්ඩියෙක් වශයෙන් හෝ) කර ඇත්තෙමු. ඒ අතර ඔවුන් විසින් ඉදිරියට යාමටද නොහැකි වන්නට ඉඩ තිබුණි. පසුපසට යාමටද ඉඩ නොතිබිණි.

وَمَنْ نُعَمِّرْهُ نُنَكِّسْهُ فِي الْخَلْقِ ۖ أَفَلَا يَعْقِلُونَ (68)

අපි කවුරුන්ට හෝ දීර්ඝ ජීවිතයක් ලබා දුන්නේ නම්, ඔහුගේ තත්වය උඩ යටිකුරු කර, (කුඩා දරුවෙකු මෙන් පත් කර) හරින්නෙමි. (මෙය) ඔවුන් දැන ගත යුතු නොවේද?

وَمَا عَلَّمْنَاهُ الشِّعْرَ وَمَا يَنْبَغِي لَهُ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌ وَقُرْآنٌ مُبِينٌ (69)

(අපගේ දූතයා වන) ඔහුට අපි කවි (නිර්මාණය කිරීමට) ඉගැන්වූවේ නැත. එය ඔහුට සුදුසු දැයක්ද නොව. මෙය හොඳ ඔවදන්ද (හොඳ, නරක) පැහැදිලි කර දිය හැකි කුර්ආනයක්ම මිස, වෙන කිසිවක් නොව.

لِيُنْذِرَ مَنْ كَانَ حَيًّا وَيَحِقَّ الْقَوْلُ عَلَى الْكَافِرِينَ (70)

(තවද මෙය) පණ පිටින් සිටින්නන්ට බිය ගන්වා අනතුරු අඟවා, (මරණයට පත් වූවන් මෙන්) ප්‍රතික්ෂේප කරන්නන් වෙත (දඬුවම ගැන වූ) පොරොන්දුව ස්ථීර කරන්නේය.

أَوَلَمْ يَرَوْا أَنَّا خَلَقْنَا لَهُمْ مِمَّا عَمِلَتْ أَيْدِينَا أَنْعَامًا فَهُمْ لَهَا مَالِكُونَ (71)

අපගේ අතින්ම නිර්මාණය කළ දැයෙන් ඔවුන් අයිතිවාසිකම් දැරිය හැකි (එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ද ඔවුන් වෙනුවෙන් අපිම උත්පාදනය කළෙමු යන්න ඔවුන් දුටුවේ නැද්ද?

وَذَلَّلْنَاهَا لَهُمْ فَمِنْهَا رَكُوبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ (72)

ඒවා ඔවුන්ට යටත් පහත් වන සේ අපි පත් කළෙමු. ඒවායෙන් ඔවුන් (වාහන වශයෙන්) නැග ගත හැකි දැයද ඇත්තේය. ඔවුන් ආහාරයට ගත හැකි දැයද ඒවායේ ඇත්තේය.

وَلَهُمْ فِيهَا مَنَافِعُ وَمَشَارِبُ ۖ أَفَلَا يَشْكُرُونَ (73)

ඔවුන්ට පානය කළ හැකි (කිරි වැනි) දැයද, තවත් බොහෝ ප්‍රයෝජනයන්ද ඒවායෙන් ඇත්තේය. (මේවා සියල්ලට) ඔවුන් කෘතඥ විය යුතු නොවේද?

وَاتَّخَذُوا مِنْ دُونِ اللَّهِ آلِهَةً لَعَلَّهُمْ يُنْصَرُونَ (74)

එහෙත් අල්ලාහ් නොවන දැයෙන්ම තමන්ට උදව් ලැබේවි යයි ඒවා ඔවුන් දෙවිවරුන් වශයෙන් බාර ගන්නාහ.

لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُنْدٌ مُحْضَرُونَ (75)

ඒවා විසින් ඔවුන්ට උදව් කළ නොහැක. එහෙත් ඒවා මොවුන්ට (එරෙහිව) සේනාවක් වශයෙන් ගෙන එනු ලැබේ.

فَلَا يَحْزُنْكَ قَوْلُهُمْ ۘ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ (76)

(නබියේ! ඔබ ගැන ‘ඔබ බොරුකාරයෙකි’ යයිද) ඔවුන්ගේ කියමන ඔබව කණගාටුවට ලක් කළ යුතු නැත. නියත වශයෙන්ම අපි ඔවුන් (තමන්ගේ මනසෙහි) සඟවා ගන්නා දැයද, (ඊට වෙනස්ව තමන්ගේ මුවින්) ඔවුන් එළිදරව් කරන දැයද හොඳින් දන්නෙමු.

أَوَلَمْ يَرَ الْإِنْسَانُ أَنَّا خَلَقْنَاهُ مِنْ نُطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُبِينٌ (77)

නියත වශයෙන්ම අපි මිනිසාව එක් ඉනිද්‍රිය බිඳකින් උත්පාදනය කළෙමු යන්න ඔවුන් අවධානය කළේ නැද්ද? එසේ තිබියදී ඔහු ප්‍රකට සතුරෙකු බවට පත් වී (අපට වෙනස්කම් කිරීමට ඉදිරිපත්) වන්නේය.

وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ ۖ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ (78)

ඔහු තමන්ගේ උත්පාදනය (තමන්ව කෙසේ නිර්මාණය කරනු ලැබුවේද) යන්න අමතක කර දමා, එක් උදාහරණයක් අප වෙත ගෙනහැර දක්වන්නේය. “දිරා පත්ව පස් බවට පත් වූ (මෙම) ඇටසැකිළ්ලට පණ දෙන්නේ කවරෙක්ද?”යි ඔහු විමසනුනේය.

قُلْ يُحْيِيهَا الَّذِي أَنْشَأَهَا أَوَّلَ مَرَّةٍ ۖ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ (79)

(නබියේ! එයට) ඔබ මෙසේ පවසනු: “පළමු වරට එය උත්පාදනය කළේ කවරෙක්ද, ඔහුම මෙයටද පණ දෙන්නේය. ඔහු නම් සියලූ ආකාරයටම උත්පාදනය කිරීමට ඉතාමත් දන්නෙකි.

الَّذِي جَعَلَ لَكُمْ مِنَ الشَّجَرِ الْأَخْضَرِ نَارًا فَإِذَا أَنْتُمْ مِنْهُ تُوقِدُونَ (80)

“අමු ගසකින් ඔබට ගින්දර නිපදවන්නාද ඔහුය. පසුව එමගින් ඔබ (ඔබට අවශ්‍යය ගින්දර) මොළවා ගන්නෙහුය”.

أَوَلَيْسَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِقَادِرٍ عَلَىٰ أَنْ يَخْلُقَ مِثْلَهُمْ ۚ بَلَىٰ وَهُوَ الْخَلَّاقُ الْعَلِيمُ (81)

“අහස්ද භූමියද උත්පාදනය කළ අය, ඔවුන් වැනි අයව උත්පාදනය කිරීමට ශක්තියක් නොමැත්තෙකුද? එසේය! නියත වශයෙන්ම ඔහුම (සියලූ ආකාරයෙන්ම) උත්පාදනය කිරීමට හොඳින් දන්නෙකි”.

إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ (82)

කිමෙක්ද! ඔහුගේ බලසම්පන්නකමද! ඔහු යම්කිසි වස්තුවක් (උත්පාදනය කිරීමට) අදහස් කළහොත් ඔහු අණ කරන්නේ, “වනු!” යයි පැවසීම පමණකි. (එපමණයි ප්‍රමාදය). එවෙලේම එය සිදු වන්නේය.

فَسُبْحَانَ الَّذِي بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَإِلَيْهِ تُرْجَعُونَ (83)

සියල්ලෙහි බලය කවුරුන් අත ඇත්තේද, ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔහු වෙතම ආපසු ගෙන එනු ලබන්නෙහුය.