طسم (1)

තා. සීම්. මීම්.

تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ (2)

(නබියේ!) මේවා පැහැදිලි මෙම ධර්මයෙහි ඇති සමහර ආයාවන් වන්නේය.

لَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ أَلَّا يَكُونُوا مُؤْمِنِينَ (3)

(නබියේ!) ඔවුන් (ඔබව) විශ්වාස නොකළ හේතුවෙන් දුකෙන් ඔබව, ඔබම දිවි නසා ගන්නාක් මෙන්ද!

إِنْ نَشَأْ نُنَزِّلْ عَلَيْهِمْ مِنَ السَّمَاءِ آيَةً فَظَلَّتْ أَعْنَاقُهُمْ لَهَا خَاضِعِينَ (4)

අපි කැමති වුවහොත් ඔවුන්ගේ ඛෙලි යටහත් පහත් වී පැමිණෙන ලෙසට (දඬුවම්) දිය හැකි සාධකයන් අහසින් ඔවුන් මත අපි පහළ කර ඇත්තෙමු.

وَمَا يَأْتِيهِمْ مِنْ ذِكْرٍ مِنَ الرَّحْمَٰنِ مُحْدَثٍ إِلَّا كَانُوا عَنْهُ مُعْرِضِينَ (5)

රහ්මාන්ගේ සන්නිධානයෙන් අළුත් යම්කිසි හොඳ ඔවදනක් ඔවුන් වෙත පැමිණෙන සෑම විටම එය ඔවුන් ප්‍රතික්ෂේප නොකර සිටින්නේ නැත.

فَقَدْ كَذَّبُوا فَسَيَأْتِيهِمْ أَنْبَاءُ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ (6)

(එබැවින් මෙයද) ඔවුන් නියත වශයෙන්ම බොරු කළහ. එහෙත් ඔවුන් කුමක් (බොරු ගොතා) සමච්චල් කරමින් සිටින්නෝද, එහි සත්‍යය ඉතාමත් ඉක්මනින් ඔවුන් වෙත පැමිණෙනු ඇත.

أَوَلَمْ يَرَوْا إِلَى الْأَرْضِ كَمْ أَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ كَرِيمٍ (7)

ඔවුන් භූමිය බැලූවේ නැද්ද? (එහි) සෑම වර්ගයකම (ප්‍රයෝජනවත් විය හැකි) උසස් කොපමණදෝ පැලෑටි, ගස් වැල් වර්ග ජෝඩු ජෝඩු වශයෙන්ම අපි වැවෙන්නට සලස්වා ඇත්තෙමු.

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ (8)

නියත වශයෙන්ම මෙහි එක් සාධකයක් ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේ නැත.

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ (9)

(නබියේ!) ඔබගේ දෙවියන් නියත වශයෙන්ම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.

وَإِذْ نَادَىٰ رَبُّكَ مُوسَىٰ أَنِ ائْتِ الْقَوْمَ الظَّالِمِينَ (10)

(නබියේ!) ඔබගේ දෙවියන් මූසාව කැඳවා “ඔබ අපරාධකාර (ෆිර්අව්න්ගේ) ජනතාව වෙත යනු” යයි පැවසීම ගැන ඔබ අවධානය කර බලනු.

قَوْمَ فِرْعَوْنَ ۚ أَلَا يَتَّقُونَ (11)

“(එම) ෆිර්අව්න්ගේ ජනතාව (මට) බිය නොවන්නෙහුද?”යි (විමසුවේය).

قَالَ رَبِّ إِنِّي أَخَافُ أَنْ يُكَذِّبُونِ (12)

එයට ඔහු “මගේ දෙවියනේ! මාව බොරුකාරයා කර දමනු ඇතැයි නියත වශයෙන්ම මා බිය වන්නෙමි” යයි කීවේය.

وَيَضِيقُ صَدْرِي وَلَا يَنْطَلِقُ لِسَانِي فَأَرْسِلْ إِلَىٰ هَارُونَ (13)

(එසේ බොරුකාරයා කළහොත්) මගේ මනස බිඳී යනු ඇත. (ඒ අතර මට ගොතභාවය තිඛෙණ බැවින්) මගේ දිවෙන් (හොඳ හැටි) කතා කිරීමට නොහැක. එබැවින් (මා සමග) හාරූන්වද පැමිණෙන මෙන් (ඔහුට) ඔබ දැනුම් දෙනු මැනව!

وَلَهُمْ عَلَيَّ ذَنْبٌ فَأَخَافُ أَنْ يَقْتُلُونِ (14)

“තවද මා කෙරෙහි ඔවුන් අත එක් චෝදනාවක්ද ඇත. ඒ වෙනුවෙන් ඔවුන් මාව ඝාතනය කර දමනු ඇතැයිද මා බිය වන්නෙමි” යයි පැවසුවේය.

قَالَ كَلَّا ۖ فَاذْهَبَا بِآيَاتِنَا ۖ إِنَّا مَعَكُمْ مُسْتَمِعُونَ (15)

එයට (දෙවියන්) මෙසේ පැවසීය: “එසේ නොව. (හාරූන්වද කැඳවාගෙන) ඔබ දෙදෙනාම මගේ සාධකයන් රැගෙන යනු. නියත වශයෙන්ම මා ඔබ සමග සිටිමින් (සියල්ල) සවන් දෙමින් සිටින්නෙමි”.

فَأْتِيَا فِرْعَوْنَ فَقُولَا إِنَّا رَسُولُ رَبِّ الْعَالَمِينَ (16)

“එබැවින් ඔබ දෙදෙනා ෆිර්අව්න් වෙත ගොස් ‘නියත වශයෙන්ම අපි ලෝකවාසී සියල්ලන්වම උත්පාදනය කර, පෝෂණය කරන්නාගේ දූතයින් වන්නෙමු”.

أَنْ أَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ (17)

“ඉස්රායීල දරුවන්ව ඔබ අප සමග යවනු’ යයිද පවසනු මැනව!” (යයි නියෝග කළේය).

قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ (18)

(එසේ ඔවුන් ෆිර්අව්න් වෙත ගොස් පැවසූ වහාම) මෙයට ඔහු (මූසාට) “අපි ඔබව ළදරුවෙකු වශයෙන් ගෙන, හදා වඩා ගත්තේ නැද්ද? ඔබ, (ඔබගේ තරුණ වියට පත් වන තුරු) වසර ගණනාවක් අප වෙත රැඳී සිටියේ නැද්ද?”

وَفَعَلْتَ فَعْلَتَكَ الَّتِي فَعَلْتَ وَأَنْتَ مِنَ الْكَافِرِينَ (19)

“ඔබ (කිරීමට නොසුදුසු) කාරණාවක් (ඝාතනයක්) කළෙහිය! (එයට සමාව දී තිබියදී) ඔබ කෙළෙහි ගුණ නොදන්නෙකු වශයෙන්ම සිටින්නෙහිය!” යයි කීවේය.

قَالَ فَعَلْتُهَا إِذًا وَأَنَا مِنَ الضَّالِّينَ (20)

එයට මූසා “මා නොදැනුවත්ව සිටි තත්වයෙහි එය මා කළෙමි”.

فَفَرَرْتُ مِنْكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِي رَبِّي حُكْمًا وَجَعَلَنِي مِنَ الْمُرْسَلِينَ (21)

“එබැවින් මා ඔබට බිය වී දිව ගියෙමි. එහෙත් මගේ දෙවියන් මා හට (ඥානයද), සාධාරණයද ලබා දී තමන්ගේ දූතයින්ගෙන් කෙනෙකු වශයෙන්ද මාව පත් කළේය”.

وَتِلْكَ نِعْمَةٌ تَمُنُّهَا عَلَيَّ أَنْ عَبَّدْتَ بَنِي إِسْرَائِيلَ (22)

“(මගේ ගෝත්‍රිකයින් වන) ඉස්රායීල පරම්පරාවේ දරුවන්ව ඔබ වහලූන් වශයෙන් තබාගෙන සිටින තත්වයෙහි මෙය ඔබ කියා පෑමට යුතු කෘතඥභාවයක් වන්නේද?”යි විමසුවේය.

قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ الْعَالَمِينَ (23)

එයට ෆිර්අව්න් “ලෝකවාසීන්ගේ උත්පාදකයා කවරෙක්ද?”යි විමසුවේය.

قَالَ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ إِنْ كُنْتُمْ مُوقِنِينَ (24)

එයට (මූසා) “අහස්ද, භූමියද, මේවා අතර ඇති දැයද, උත්පාදනය කර පෝෂණය කළ අයම (ලෝකවාසීන්ගේ උත්පාදකයාද, පෝෂණය කරන්නාද වන්නේය. මෙම සත්‍යය) ඔබ විශ්වාස කරන්නෙහුද?”යි විමසුවේය.

قَالَ لِمَنْ حَوْلَهُ أَلَا تَسْتَمِعُونَ (25)

එයට ඔහු තමන් වටා සිටි අයට “ඔබ මෙයට සවන් දුන්නේ නැද්ද?”යි කීවේය.

قَالَ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ (26)

එයට ඔහු “ඔබගේ දෙවියන් (පමණක් නොව, ඔබට) පෙර ඉකුත්ව ගිය ඔබගේ මුතුන් මිත්තන්ගේ දෙවියන්ද (ඔහුය)” යයි කීවේය.

قَالَ إِنَّ رَسُولَكُمُ الَّذِي أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌ (27)

එයට (ෆිර්අව්න් ඔවුන්ට) “ඔබ වෙත යවන ලද (යයි පවසන) ඔබගේ දූතයා නියත වශයෙන්ම පිස්සෙකි” යයි කීවේය.

قَالَ رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَمَا بَيْنَهُمَا ۖ إِنْ كُنْتُمْ تَعْقِلُونَ (28)

එයට (මූසා) “නැගෙනහිර රටද, බස්නාහිර රටද, මේ අතර ඇති දැයද (වශයෙන් ප්‍රකට රටවල්ද) උත්පාදනය කර පෝෂණය කරන්නා (ඔහුය). මෙය ඔබ වටහා ගත යුතු නොවේද?”යි පැවසුවේය.

قَالَ لَئِنِ اتَّخَذْتَ إِلَٰهًا غَيْرِي لَأَجْعَلَنَّكَ مِنَ الْمَسْجُونِينَ (29)

එයට ඔහු “මා හැර (වෙන කිසිවක්) ඔබ දෙවියන් යයි ඇර ගතහොත් නියත වශයෙන්ම මා ඔබව සිර ගෙදරට යවන්නෙමි” යයි කීවේය.

قَالَ أَوَلَوْ جِئْتُكَ بِشَيْءٍ مُبِينٍ (30)

එයට ඔහු “පැහැදිලි එකක් (සාධකයක්) මා ඔබ වෙත ගෙනැවිත් තිබියදීද (විශ්වාස නොකරන්නේ)?” යයි විමසුවේය.

قَالَ فَأْتِ بِهِ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ (31)

එයට ඔහු “ඔබ කියන දැය ඇත්ත නම්, එය ගෙන එනු” යයි කීවේය.

فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعْبَانٌ مُبِينٌ (32)

එබැවින් මූසා තම සැරයටිය වීසි කළේය. එවෙලේම එය පැහැදිලි පිඹුරෙකු බවට පත් විය.

وَنَزَعَ يَدَهُ فَإِذَا هِيَ بَيْضَاءُ لِلنَّاظِرِينَ (33)

තවද ඔහු තමන්ගේ අත (කමිස) සාක්කුව තුළට දමා එළියට ගත්තේය. (එවෙලේම බලන්නාගේ ඇස් හීන් වන තරමට දීප්තිමත් ආලෝකයෙන් බැබළෙන) සුදු වර්ණයෙන් දිස්වුණි.

قَالَ لِلْمَلَإِ حَوْلَهُ إِنَّ هَٰذَا لَسَاحِرٌ عَلِيمٌ (34)

(මෙය දුටු ෆිර්අව්න්) තමන් වටා සිටි ප්‍රධානීන්ට “නියත වශයෙන්ම මොහු ඉතාමත් හොඳින් දැනුවත් සූනියම්කරුවෙකු වශයෙන් සිටින්නේය”.

يُرِيدُ أَنْ يُخْرِجَكُمْ مِنْ أَرْضِكُمْ بِسِحْرِهِ فَمَاذَا تَأْمُرُونَ (35)

“මොහු තම සූනියම මගින් ඔබගේ රටින් ඔබව එළවා දමන්නට අදහස් කරන්නේය. එබැවින් මේ ගැන ඔබ කුමක් නම්, පවසන්නෙහුද?”යි විමසුවේය.

قَالُوا أَرْجِهْ وَأَخَاهُ وَابْعَثْ فِي الْمَدَائِنِ حَاشِرِينَ (36)

එයට ඔවුන් ඔහුටත්, ඔහුගේ සහෝදරයාටත් එක් නියමිත කාලයක් නියම කර කැඳවන්නන් (අණ ඛෙරකරුවන්) විවිධ නගරයන්ට යවනු.

يَأْتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٍ (37)

“ඔවුන් හොඳින් දැන උගත් සූනියම්කරුවන් සියල්ල ඔබ වෙත කැඳවාගෙන එනු ඇත” යයි පැවසූහ.

فَجُمِعَ السَّحَرَةُ لِمِيقَاتِ يَوْمٍ مَعْلُومٍ (38)

(ඒ අන්දමට කැඳවන්නන් බොහොමයක් නගරයන්ට යවනු ලැබ), නියමිත දිනදී, නියමිත වේලාවට (නියමිත ස්ථානයෙහි), සූනියම්කරුවන් සියල්ල ඒකරාශී කරනු ලැබූහ.

وَقِيلَ لِلنَّاسِ هَلْ أَنْتُمْ مُجْتَمِعُونَ (39)

සියලූ මිනිසුන් වෙත “(නියමිත වේලාවට) ඔබ පැමිණ එක්රැස් වන්නෙහුද?”යි විමසනු ලැබූහ.

لَعَلَّنَا نَتَّبِعُ السَّحَرَةَ إِنْ كَانُوا هُمُ الْغَالِبِينَ (40)

“සූනියම්කරුවන් ජයග්‍රහණය කළහොත් (ඔවුන්ගේ ධර්මයම) අප අනුගමනය කරන්නටද ඉඩ ඇත” (යයිද ප්‍රචාරය කරන ලදී).

فَلَمَّا جَاءَ السَّحَرَةُ قَالُوا لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْرًا إِنْ كُنَّا نَحْنُ الْغَالِبِينَ (41)

සූනියම්කරුවන් සියල්ල පැමිණි අවස්ථාවේදී ඔවුන් ෆිර්අව්න්ගෙන් “ඇත්තෙන්ම අපි ජයග්‍රහණය කළහොත් එයට සරිලන කුලියක් අපට ලැඛෙයිද?”යි විමසූහ.

قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذًا لَمِنَ الْمُقَرَّبِينَ (42)

එයට ඔහු “එසේය, ඇත. (කුලිය පමණක්ද?) ඒ අවස්ථාවේදී නියත වශයෙන්ම ඔබ (අපගේ රාජසභාවේ උසස් පදවීන්ද), අපට සමීප ප්‍රධානීන්ගෙන්ද අය බවට පත් වන්නෙහුය” යයි පැවසුවේය.

قَالَ لَهُمْ مُوسَىٰ أَلْقُوا مَا أَنْتُمْ مُلْقُونَ (43)

ඔවුන්ට මූසා “ඔබ (සූනියම් කිරීමට) වීසි කළ යුතු දැය වීසි කරනු” යයි පැවසුවේය.

فَأَلْقَوْا حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ الْغَالِبُونَ (44)

එබැවින් ඔවුන් තමන්ගේ සැරයටිද කඹද වීසි කර,”ෆිර්අව්න්ගේ ගෞරවය මත සත්තකින්ම! නියත වශයෙන්ම අපිම ජයග්‍රහණය කරන්නෙමු” යයි පැවසූහ.

فَأَلْقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِيَ تَلْقَفُ مَا يَأْفِكُونَ (45)

පසුව මූසාද තම සැරයටිය වීසි කළේය. එය (විශාල නාගයෙක් බවට පත් වී) ඔවුන් කර තිබූ සුනියම් සියල්ල ගිල දැමීමට පටන් ගත්තේය.

فَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَ (46)

(මෙය දුටු) සූනියම්කරුවන් සියල්ල බිම වැටී සුජූද් කළේය.

قَالُوا آمَنَّا بِرَبِّ الْعَالَمِينَ (47)

(තවද) “ලෝකයන් සියල්ලෙහි දෙවියන්වම අපි විශ්වාස කළෙමු” යයි පැවසූහ.

رَبِّ مُوسَىٰ وَهَارُونَ (48)

“ඔහුම මූසා, හාරූන් යන අයගේ දෙවියන්ද වන්නේය” (යයිද පැවසූහ).

قَالَ آمَنْتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ ۖ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ فَلَسَوْفَ تَعْلَمُونَ ۚ لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُمْ مِنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ (49)

එයට (ෆිර්අව්න්) “මා ඔබට අනුමැතිය ලබා දීමට පෙරම ඔබ ඔහුව විශ්වාස කළෙහුය. නියත වශයෙන්ම ඔබට සූනියම් උගන්වා දුන් ඔබගේ ප්‍රධානියා ඔහුය. (මෙහි ඵලවිපාක) ඉතා ඉක්මනින් ඔබ දැන ගන්නෙහුය. ඔබගේ අත් පා මාරුවෙන් මාරුවට කපා ඔබ සියල්ලන්වම කුරුසයෙහි තබා ඇන ගසන්නෙමි” යයි කීවේය.

قَالُوا لَا ضَيْرَ ۖ إِنَّا إِلَىٰ رَبِّنَا مُنْقَلِبُونَ (50)

එයට ඔවුන් “(එමගින්) අපට කිසිම අඩුපාඩුවක් නැත. (මන්දයත්) නියත වශයෙන්ම අපි අපගේ දෙවියන් දෙසටම ආපසු යන්නෙමු” යයි පැවසූහ.

إِنَّا نَطْمَعُ أَنْ يَغْفِرَ لَنَا رَبُّنَا خَطَايَانَا أَنْ كُنَّا أَوَّلَ الْمُؤْمِنِينَ (51)

(තවද) “නියත වශයෙන්ම (මූසාව) විශ්වාස කළ අයගෙන් අපි පළමුවැනි අය වශයෙන් සිටින බැවින් අපගේ දෙවියන් අපගේ වැරදිවලට සමාව දෙනු ඇතැයි නියත වශයෙන්ම අපි විශ්වාස කරන්නෙමු” (යයිද පැවසූහ).

۞ وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنْ أَسْرِ بِعِبَادِي إِنَّكُمْ مُتَّبَعُونَ (52)

පසුව අපි මූසාට වහී දැන්වූවෙමු. “(ඉස්රායීල පරම්පරාවේ දරුවන් වන) මගේ වහලූන්ව කැඳවාගෙන, ඔබ රාත්‍රියේදීම පිටත් වී යනු. එහෙත් නියත වශයෙන්ම ඔවුන් ඔබව අනුගමනය කරමින් ලූහු බැඳ එනු ඇත”.

فَأَرْسَلَ فِرْعَوْنُ فِي الْمَدَائِنِ حَاشِرِينَ (53)

(එසේ ඔවුන් ගිය විට) ෆිර්අව්න් විවිධ නගරවලට (ජනතාවන්ව කැඳවීමට) කැඳවන්නන් යවනු ලැබූහ.

إِنَّ هَٰؤُلَاءِ لَشِرْذِمَةٌ قَلِيلُونَ (54)

“නියත වශයෙන්ම (ඉස්රායීල පරම්පරාවේ දරුවන් වන) මොවුන් ඉතාමත් සුළු සංඛ්‍යාවක්(යයිද පැවසූහ).

وَإِنَّهُمْ لَنَا لَغَائِظُونَ (55)

(තවද) “ඔවුන් අපව කෝපයට ලක් කළහ”.

وَإِنَّا لَجَمِيعٌ حَاذِرُونَ (56)

නමුත් “නියත වශයෙන්ම අපි ඉතාමත් විශාල සංඛ්‍යාවකි. (ඒ සමගම) ඉතාමත් ප්‍රවේසම් සහිත අයයි” (යයි පවසා, විවිධ නගරවාසීන්ව ඒකරාශී කරගෙන ඉස්රායීල පරම්පරාවේ දරුවන් පසුපස ලූහු බැඳ ගියහ).

فَأَخْرَجْنَاهُمْ مِنْ جَنَّاتٍ وَعُيُونٍ (57)

(මෙසේ ඔවුන්ගේ) වතු පිටිවලින්ද අපි ඔවුන්ව පිටමං කර හැරියෙමු.

وَكُنُوزٍ وَمَقَامٍ كَرِيمٍ (58)

තවද (ඔවුන්ගේ) නිධානයන්ගෙන්ද, ඉතාමත් උසස් නිවෙස්වලින්ද (ඔවුන්ව පිටමං කර හැරියෙමු).

كَذَٰلِكَ وَأَوْرَثْنَاهَا بَنِي إِسْرَائِيلَ (59)

මෙසේ (ඔවුන්ව පිටමං කර හැර) ඉස්රායීල දරුවන්ව ඒවාට උරුමක්කාරයින් බවටද පත් කළෙමු.

فَأَتْبَعُوهُمْ مُشْرِقِينَ (60)

සූර්යයා උදා වන විට මොවුන්, ඔවුන් පිටුපස ලූහු බැන්දාහ.

فَلَمَّا تَرَاءَى الْجَمْعَانِ قَالَ أَصْحَابُ مُوسَىٰ إِنَّا لَمُدْرَكُونَ (61)

මෙම සමූහයන් දෙක කෙනෙකුට කෙනෙකු දුටු අවස්ථාවේදී “නියත වශයෙන්ම අපි කොටු වුනෙමු” යයි මූසාගේ සහායයන් පැවසූහ.

قَالَ كَلَّا ۖ إِنَّ مَعِيَ رَبِّي سَيَهْدِينِ (62)

එයට (මූසා) “එසේ නොව. නියත වශයෙන්ම මගේ දෙවියන් මා සමග සිටින්නේය. (අපි බේරෙන) මාර්ගය නියත වශයෙන්ම අපට දැනුම් දෙනු ඇත” යයි පැවසුවේය.

فَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنِ اضْرِبْ بِعَصَاكَ الْبَحْرَ ۖ فَانْفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَالطَّوْدِ الْعَظِيمِ (63)

එබැවින් අපි මූසාට “ඔබ, ඔබගේ සැරයටියෙන් මෙම මුහුදට ගසනු” යයි වහී (මාර්ගයෙන්) දැනුම් දුන්නෙමු. (ඔහු එසේ ගැසූ වහාම) එය (විවිධ මාර්ගයන් බවට) පැලී දෙකඩ විය. සෑම පැල්මක්ම විශාල කඳු මෙන් දිස් විය.

وَأَزْلَفْنَا ثَمَّ الْآخَرِينَ (64)

(පසුපසින් ගිය) අනිත් අයවද එයට ළඟා වීමට සැලැස්සුවෙමු.

وَأَنْجَيْنَا مُوسَىٰ وَمَنْ مَعَهُ أَجْمَعِينَ (65)

මූසාවද, ඔහු සමග සිටි සියල්ලන්වම අපි බේරා ගත්තෙමු.

ثُمَّ أَغْرَقْنَا الْآخَرِينَ (66)

පසුව (ඔවුන් පසුපස ගිය) අනිත් සියල්ලන්වම ගිල්වා දැමුවෙමු.

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ (67)

නියත වශයෙන්ම මෙහි (මෙම සිද්ධියේදී) පාඩමක් ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) විශ්වාස කළේ නැත.

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ (68)

(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ම (සියල්ලන්ට) බලසම්පන්නයෙකු හා කරුණාවන්ත-යෙකු වශයෙන් සිටින්නේය.

وَاتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَاهِيمَ (69)

(නබියේ!) ඔවුන්ට ඉබ්රාහීම්ගේ ඉතිහාසයද සමුදීරණය කර පෙන්වනු.

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا تَعْبُدُونَ (70)

ඔහු තමන්ගේ පියාගෙන්ද, තම ජනතාවගෙන්ද “ඔබ කුමක් නම්, නමදින්නෙහුද?”යි විමසූහ.

قَالُوا نَعْبُدُ أَصْنَامًا فَنَظَلُّ لَهَا عَاكِفِينَ (71)

විට ඔවුන් “අපි පිළිරූ නමදින්නෙමු. එවාම අපි සදාකල් ආරාධනා කරමින්ම සිටින්නෙමු” යයි පැවසූහ.

قَالَ هَلْ يَسْمَعُونَكُمْ إِذْ تَدْعُونَ (72)

එයට (ඉබ්රාහීම් ඔවුන්ට) “ඔබ ඒවාට ආරාධනා කළහොත් ඔබට සවන් දෙන්නෙහුද?” යි විමසුවේය.

أَوْ يَنْفَعُونَكُمْ أَوْ يَضُرُّونَ (73)

“නැතහොත් (ඒවා ඔබ ආරාධනා කිරීමෙන්) ඔබට යම්කිසි හොඳක් හෝ (ආරාධනා නොකළහොත්) නරකක් හෝ කරන්නෙහුද?”යි විමසුවේය.

قَالُوا بَلْ وَجَدْنَا آبَاءَنَا كَذَٰلِكَ يَفْعَلُونَ (74)

(එයට ඔවුන්) “නැත. අපගේ මුතුන් මිත්තන් මේ අන්දමටම (ආරාධනා) කරමින් සිටිනු අපි දුටුවෙමු. (එබැවින් අපිත් ආරාධනා කරන්නෙමු)” යයි පවැසූහ.

قَالَ أَفَرَأَيْتُمْ مَا كُنْتُمْ تَعْبُدُونَ (75)

එයට (ඉබ්රාහීම්) මෙසේ පැවසීය: “ඔබ නමදින දැය ඔබ අවධානය කර බැලූවෙහුද?”

أَنْتُمْ وَآبَاؤُكُمُ الْأَقْدَمُونَ (76)

“ඔබ නමදින දැයද, ඔබට පෙර විසූ ඔබගේ පියවරුන් (නැමදූ දැය)ද ඔබ අවධානය කර බැලූවෙහුද?”

فَإِنَّهُمْ عَدُوٌّ لِي إِلَّا رَبَّ الْعَالَمِينَ (77)

“නියත වශයෙන්ම මේවා මා හට සතුරන්ය! ලෝකයන් සියල්ල පෝෂණය කරන්නාම (මගේ දෙවියන්ය)”.

الَّذِي خَلَقَنِي فَهُوَ يَهْدِينِ (78)

“ඔහුම මාව උත්පාදනය කළේය. ඔහුම මාව ඍජු මාර්ගයෙහි යාමට සලස්වන්නේය”.

وَالَّذِي هُوَ يُطْعِمُنِي وَيَسْقِينِ (79)

“ඔහුම මා හට ආහාර පානද ලබා දෙන්නේය”.

وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ (80)

“මා අසනීප වූ අවසථාවන්හිදී ඔහුම මාව සනීප කරන්නේය”.

وَالَّذِي يُمِيتُنِي ثُمَّ يُحْيِينِ (81)

“ඔහුම මාව මරණයට පත් කරන්නේය. පසුව ඔහුම මාව (විනිශ්චය දිනදී) පණ දෙන්නේය”.

وَالَّذِي أَطْمَعُ أَنْ يَغْفِرَ لِي خَطِيئَتِي يَوْمَ الدِّينِ (82)

“ඵලවිපාක දෙනු ලබන (විනිශ්චය) දිනදී මගේ වැරදිවලට සමාව දීමට මා ඔහුවම විශ්වාස කරමින් සිටින්නෙමි”.

رَبِّ هَبْ لِي حُكْمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ (83)

“මගේ දෙවියනේ! ඔබ මට ඥානය පහළ කර, හොඳ අය සමග මාව එක්කාසු කර හරිනු මැනව!”

وَاجْعَلْ لِي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ (84)

“පසු කාලයේදීද (යුග අවසාන දින දක්වා සියල්ල) මා හට (අෙලෙහිස්සලාම් යයි පවසන) හොඳ නාමයද (කීර්තියද) ලබා දෙනු මැනව!”

وَاجْعَلْنِي مِنْ وَرَثَةِ جَنَّةِ النَّعِيمِ (85)

“සැප පහසුවෙන් යුත් ස්වර්ගය උරුමක්කාරයින් වශයෙන් සිටින්නන්ගෙන් කෙනෙකු බවට මාවද ඔබ පත් කරනු මැනව!”

وَاغْفِرْ لِأَبِي إِنَّهُ كَانَ مِنَ الضَّالِّينَ (86)

“මගේ පියාවද ඔබ ක්ෂමා කර හරිනු මැනව! නියත වශයෙන්ම ඔහුගේ මාර්ගය වැරද ගියේය”.

وَلَا تُخْزِنِي يَوْمَ يُبْعَثُونَ (87)

“(පණ දී) නැගිට්ටවනු ලබන (විනිශ්චය) දිනදී ඔබ මාව අවමානයට ලක් නොකරනු මැනව!”

يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ (88)

“එදිනදී වස්තුවද මිනිසුන්ද කිසිම ප්‍රයෝජනයක් අත් කර නොදෙන්නේය”.

إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ (89)

“එහෙත් පරිශුද්ධ හෘදය සමග (තම දෙවියන් වන) අල්ලාහ් වෙත පැමිණෙන්නාම (ජයග්‍රහණය කරනු ඇත)”.

وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ (90)

“භය භක්තිකයින් (වෙනුවෙන් ඔවුන්)ව කළින්ම ස්වර්ගයට ගෙන එනු ලැබේ”.

وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَ (91)

“මාර්ගය වැරද ගියවුන් කළින්ම නිරයට ගෙනැවිත් තබනු ලැබේ”.

وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنْتُمْ تَعْبُدُونَ (92)

ඔවුන්ගෙන් “අල්ලාහ් හැර, ඔබ නමදිමින් සිටි දැය කොහේද? යි විමසනු ලැබේ.

مِنْ دُونِ اللَّهِ هَلْ يَنْصُرُونَكُمْ أَوْ يَنْتَصِرُونَ (93)

(ඒ අතර) අල්ලාහ් හැර ඒවා ඔබට උදව් කරයිද? නැතහොත් තමන්වම බේරා ගනීවිද?”යි විමසනු ලැබේ.

فَكُبْكِبُوا فِيهَا هُمْ وَالْغَاوُونَ (94)

“(පසුව) ඒවාද (ඒවා නැමද) මාර්ගය වැරද ගිය අයද සියල්ලන්ම මුණින් අතට එහි (නිරයෙහි) තල්ලූ කරනු ලබන්නාහ”.

وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ (95)

ඉබ්ලීස්ගේ සේනාවද එහි (නිරයෙහි) තල්ලූ කරනු ලබන්නාහ.

قَالُوا وَهُمْ فِيهَا يَخْتَصِمُونَ (96)

එහිදී ඔවුන් තමන් තුළ තර්ක කරමින් මෙසේ පවසන්නාහ:

تَاللَّهِ إِنْ كُنَّا لَفِي ضَلَالٍ مُبِينٍ (97)

“අල්ලාහ් මත සත්තකින්ම! අපි ප්‍රකට දුර්මාර්ගයෙහිම සිටියෙමු”.

إِذْ نُسَوِّيكُمْ بِرَبِّ الْعَالَمِينَ (98)

(තමන්ගේ දෙවිවරුන්ට) “ඔබව අපි ලෝකයන්හි රහ්මාන්ට සමාන කර තැබුවෙමු!

وَمَا أَضَلَّنَا إِلَّا الْمُجْرِمُونَ (99)

(තවද මෙම) වැරදිකරුවන් මිස, (කිසිවෙකුත්) අපිව මාර්ගය වැරද යැවුවේ නැත.

فَمَا لَنَا مِنْ شَافِعِينَ (100)

“අපට මැදිහත් වී කතා කරන්නන් (අද) කිසිවෙකුත් නැත!”

وَلَا صَدِيقٍ حَمِيمٍ (101)

“(අප කෙරෙහි) අනුකම්පාව ඇති (සත්‍ය) මිතුරෙකුත් නැත නොවෙද!”

فَلَوْ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ (102)

“අපි (ලොවට) ආපසු හැරී යන්නට හැකි වුවහොත් නියත වශයෙන්ම අපි සත්‍ය විශ්වාසවන්තයින් බවට පත් වන්නෙමු” (යයි ප්‍රාර්ථනා කරනු ඇත).

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ (103)

ඇත්තෙන්ම මෙහි එක් පාඩමක් ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) විශ්වාස කරන්නේ නැත.

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ (104)

(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.

كَذَّبَتْ قَوْمُ نُوحٍ الْمُرْسَلِينَ (105)

නූහුගේ ජනතාව (තමන් වෙත පැමිණි අපගේ) දූතයින්ව බොරුකාරයින් කළහ.

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَ (106)

ඔවුන්ගේ සහෝදර නූහ් ඔවුන්ට මෙසේ පැවසූ අවස්ථාවේදී, “ඔබ (අල්ලාහ්ට) බිය විය යුතු නොවේද?”

إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ (107)

“ඇත්තෙන්ම මා ඔබ වෙත (දෙවියන් විසින්) යවන ලද ඉතාමත් විශ්වාසවන්ත දූතයෙකු වන්නෙමි”.

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ (108)

“එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී, මට අවනත වී කටයුතු කරනු.

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ (109)

(මේ වෙනුවෙන්) මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලී සියල්ල ලෝකයන් උත්පාදනය කර, බේරාගෙන ආරක්ෂා කරන්නා වෙතම ඇත්තේය”.

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ (110)

“එබැවින් ඔබ (එම) අල්ලාහ්ට බිය වී, මට අවනත වී කටයුතු කරනු” (යයි පැවසුවේය).

۞ قَالُوا أَنُؤْمِنُ لَكَ وَاتَّبَعَكَ الْأَرْذَلُونَ (111)

එයට ඔවුන් “ඔබව අපි විශ්වාස කරන්නද! (අපට කුලී වැඩ කරන) දීනවූ අයම ඔබව අනුගමනය කරමින් සිටින්නාහ” යයි පැවසූහ.

قَالَ وَمَا عِلْمِي بِمَا كَانُوا يَعْمَلُونَ (112)

එයට ඔහු “ඔවුන් කරමින් සිටින වැඩ ගැන මා කුමක් නිසා දැන ගත යුතුද? (එය විපරම් කර බැලීම මගේ කාර්යයක් නොව)”.

إِنْ حِسَابُهُمْ إِلَّا عَلَىٰ رَبِّي ۖ لَوْ تَشْعُرُونَ (113)

“(මේවා ගැන) ඔවුන් වෙත ගණනය කිරීම මගේ දෙවියන් කෙරෙහිම අනිවාර්යය යුතුකමක් වන්නේය. (මා කෙරෙහි නොව. මෙය) ඔබ දැන ගත යුතු නොවේද”?

وَمَا أَنَا بِطَارِدِ الْمُؤْمِنِينَ (114)

විශ්වාසය තැබූවන්ව (ඔවුන් දුප්පතුන් බැවින්) එළවා දැමීමට මට නොහැක.

إِنْ أَنَا إِلَّا نَذِيرٌ مُبِينٌ (115)

මා සියල්ලන්ටම ප්‍රසිද්ධියේ බිය ගන්වා අනතුරු අඟවන්නෙකු මිස, වෙන කිසිවක් නැත යයි පැවසුවේය.

قَالُوا لَئِنْ لَمْ تَنْتَهِ يَا نُوحُ لَتَكُونَنَّ مِنَ الْمَرْجُومِينَ (116)

එයට ඔවුන් “ඕ නූහ්! ඔබ (මෙයින්) ඈත් නොවුවහොත් නියත වශයෙන්ම ඔබට ගල් ගසා මරා දමනු ලබන්නෙහිය” යයි පැවසූහ.

قَالَ رَبِّ إِنَّ قَوْمِي كَذَّبُونِ (117)

එයට ඔහු “මගේ දෙවියනේ! මගේ (මෙම) ජනතාව නියත වශයෙන්ම මාව බොරුකාරයා කර දැමූහ” යයි පැවසූහ.

فَافْتَحْ بَيْنِي وَبَيْنَهُمْ فَتْحًا وَنَجِّنِي وَمَنْ مَعِيَ مِنَ الْمُؤْمِنِينَ (118)

“එබැවින් මටත්, ඔවුන්ටත් අතරේ ඔබ තීන්දුවක් දී මාවද, මා සමග වූ විශ්වාසය තැබූවන්වද බේරා ගනු මැනව!” යයි ප්‍රාර්ථනා කළේය.

فَأَنْجَيْنَاهُ وَمَنْ مَعَهُ فِي الْفُلْكِ الْمَشْحُونِ (119)

එබැවින් අපි ඔහුවද, (විශ්වාසය තබා) ඔහු සමග සිටි අයවද (අනිත් ජීව වස්තූන්ගෙන්) පිරි නැවෙහි (පටවා) බේරා ගත්තෙමු.

ثُمَّ أَغْرَقْنَا بَعْدُ الْبَاقِينَ (120)

ඉන්පසු (නැවෙහි නොනැගී) ඉතිරිව සිටි අයව අපි ගිල්වා දැමුවෙමු.

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ (121)

නියත වශයෙන්ම මෙහි එක් පාඩමක් ඇත. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේ නැත.

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ (122)

(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ම (ඔවුන්ට) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.

كَذَّبَتْ عَادٌ الْمُرْسَلِينَ (123)

ආද් නමැති ජනතාවද අපගේ දූතයාව බොරුකාරයා කළහ.

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ هُودٌ أَلَا تَتَّقُونَ (124)

ඔවුන්ගෙන් සහෝදර හූද් “ඔබ අල්ලාහ්ට බිය විය යුතු නොවේද” යයි විමසුවේය?

إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ (125)

නියත වශයෙන්ම මා ඔබ වෙත යවනු ලැබූ විශ්වාසවන්ත එක් දූතයෙකු වන්නෙමි.

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ (126)

එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී මට අවනත වී කටයුතු කරනු.

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ (127)

“ඒ වෙනුවෙන් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලිය නම්, ලෝකවාසී සියල්ලන්වම උත්පාදනය කර, පෝෂණය කරන්නා වෙත ඇත්තේය”.

أَتَبْنُونَ بِكُلِّ رِيعٍ آيَةً تَعْبَثُونَ (128)

“ඔබ උසස් ස්ථානයන්හි (විශාල කුළුණු මෙන්) මතක සටහන් නිකරුණේ ඉදි කරන්නෙහුද”?

وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُونَ (129)

ඔබ (විනාශ නොවන) සදාකල් වාසය කරන්නන් මෙන් (ඔබගේ මාලිගාවන්හි උසස්) කැටයම්ද නිර්මාණය කරන්නෙහුය!

وَإِذَا بَطَشْتُمْ بَطَشْتُمْ جَبَّارِينَ (130)

“ඔබ (කවුරුන්ව හෝ) අල්ලා ගතහොත් (කිසි අනක් ගුණක් නැතිව) ඉතාමත් දරුණු ලෙස වද හිංසා කරන්නෙහුය.

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ (131)

“ඔබ අල්ලාහ්ට බිය වී මට අවනත වී කටයුතු කරනු”

وَاتَّقُوا الَّذِي أَمَدَّكُمْ بِمَا تَعْلَمُونَ (132)

“ඔබ දැනුවත් විවිධ වස්තූන්ද, කවුරුන් ඔබට (ලබා දී) උදව් කළෙහුද, ඔහුට ඔබ බිය වනු”.

أَمَدَّكُمْ بِأَنْعَامٍ وَبَنِينَ (133)

“දරුවන්ද, එළු, ගව, ඔටුවන්ද, ඔබට (ලබා දී) උදව් උපකාර කර ඇත්තේය.

وَجَنَّاتٍ وَعُيُونٍ (134)

වතු පිටිද ඔහුම ඔබට ලබා දී ඇත්තේය.

إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ (135)

ඔහුට ඔබ වෙනස්කම් කළහොත් නියත වශයෙන්ම මා ඉමහත් වූ දිනක දඬුවම ඔබට පැමිණෙනු ඇතැයි බිය වන්නෙමි” යයි පැවසුවේය.

قَالُوا سَوَاءٌ عَلَيْنَا أَوَعَظْتَ أَمْ لَمْ تَكُنْ مِنَ الْوَاعِظِينَ (136)

එයට ඔවුන් “(ඕ හූද්!) ඔබ අපට හොඳ ඔවදන් දීමද, හොඳ ඔවදන් නොදීමද, එක සමානය!

إِنْ هَٰذَا إِلَّا خُلُقُ الْأَوَّلِينَ (137)

(බිය ගැන්වීමට) මෙය (මෙසේ පැවසීම) පෙර විසූවන්ගේ පුරුද්දක් මිස, වෙන කිසිවක් නැත!”

وَمَا نَحْنُ بِمُعَذَّبِينَ (138)

“(ඔබ පවසන අන්දමට) අපි (කිසිම) දඬුවමකට ලක් නොවන්නෙමු” යයි පැවසුවේය.

فَكَذَّبُوهُ فَأَهْلَكْنَاهُمْ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ (139)

ඔවුන් ඔහුව බොරුකාරයා කළහ. එබැවින් අපි ඔවුන්ව විනාශ කර දැමුවෙමු. නියත වශයෙන්ම මෙහි (හොඳ) සාධකයක් ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේ නැත.

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ (140)

(නබියේ!) ඔබගේ දෙවියන්ම (ඔවුන්ටද) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.

كَذَّبَتْ ثَمُودُ الْمُرْسَلِينَ (141)

සමූද් (ජනතාවද ඔවුන් වෙත යවනු ලැබූ අපගේ) දූතයාව බොරුකාරයා කළහ.

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَالِحٌ أَلَا تَتَّقُونَ (142)

ඔවුන්ගේ සහෝදර සාලිහ් (නබි) ඔවුන්ට ඔබ (පාපයන්) වළක්වා අල්ලාහ්ට බිය වී අවනත වී කටයුතු කළයුතු නොවේද? යයි පැවසුවේය.

إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ (143)

නියත වශයෙන්ම මා ඔබ වෙත යවනු ලැබූ ඉතාමත් විශ්වාසවන්ත දූතයෙකි.

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ (144)

එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී, මා හට අවනත වී කටයුතු කරනු.

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ (145)

මේ වෙනුවෙන් මා ඔබගෙන් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලී සියල්ල ලෝකයන් උත්පාදනය කර, පෝෂණය කරන්නා වෙතම මිස, (වෙන කිසිවෙකු වෙත) නැත”.

أَتُتْرَكُونَ فِي مَا هَاهُنَا آمِنِينَ (146)

“මෙහි (ඇති සැප සම්පත්වලින් සදාකල්) බිය නොවී (ජීවත් වීමට ඔබව) අත්හැර දමනු ලබන්නෙහුද?”

فِي جَنَّاتٍ وَعُيُونٍ (147)

“ (මෙහි ඇති) වතු පිටි වලද ගොවිපළවල්වලද,

وَزُرُوعٍ وَنَخْلٍ طَلْعُهَا هَضِيمٌ (148)

(තවද) වලූ වලින් පිරුණු ඉඳි වතුවලද,

وَتَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا فَارِهِينَ (149)

කඳු හාරා ඉදි කරන ලද නිවාසයන්හිද, ඉතාමත් සතුටින් (සදාකල් රැඳී සිටීමට ඔබව අත්හැර දමනු ලබන්නෙහුද?)”

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ (150)

“එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී, මා හට අවනත වී කටයුතු කරනු.

وَلَا تُطِيعُوا أَمْرَ الْمُسْرِفِينَ (151)

“සීමාව ඉක්මවා යන අයගේ අණට ඔබ යටත් නොවනු.

الَّذِينَ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ (152)

ඔවුන් භූමියෙහි අපරාධ කරන්නන් මිස, හොඳක් නොකරන්නාහ” යයි පැවසුවේය.

قَالُوا إِنَّمَا أَنْتَ مِنَ الْمُسَحَّرِينَ (153)

එයට ඔවුන් (සාලිහ් නබිට) “සූනියමට අයත් අයගෙන් ඔබත් කෙනෙකි (එබැවින් ඔබගේ මනස කැළඹී ගියේය)” යයි පැවසූහ.

مَا أَنْتَ إِلَّا بَشَرٌ مِثْلُنَا فَأْتِ بِآيَةٍ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ (154)

“ඔබ අප වැනි මිනිසෙකු මිස වෙන කිසිවෙකු නොව. ඔබ ඇත්ත කියන්නෙකු වශයෙන් සිටින්නෙහි නම්, අපි කැමති වන අන්දමට) යම්කිසි සාධකයක් ගෙන එනු” යයි පැවසූහ.

قَالَ هَٰذِهِ نَاقَةٌ لَهَا شِرْبٌ وَلَكُمْ شِرْبُ يَوْمٍ مَعْلُومٍ (155)

එයට ඔහු “(ඔබට සාධකයක් වශයෙන්) එක් ඔටු දෙනකු සිටින්නේය. (ඔබ වතුර බොන මෙම තොටුපළෙහි) එය එක් එක් නියමිත දිනකදී ඌ බීමටද, ඔබ බීමටද, නියම කරනු ලැබේ.

وَلَا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍ (156)

තවද ඔබ යම්කිසි හානියක් කිරීමට ඌට ළං නොවනු. එසේ වුවහොත් දිනකදී දරුණු දඬුවම් ඔබව අල්ලා ගනු ඇත” යයි පැවසුවේය.

فَعَقَرُوهَا فَأَصْبَحُوا نَادِمِينَ (157)

(මෙසේ පවසා තිබියදී ඌ වතුර බීමට ගිය අවස්ථාවේදී) ඔවුන් උගේ (කකුලේ නහරයක්) කපා දැමූහ. (එබැවින් එම ඔටුවා මරණයට පත් වූ වහාම දඬුවම් පැමිණීමේ සළකුණු දුටු විට), ඔවුන් දුකෙහි ගැලී ගියහ.

فَأَخَذَهُمُ الْعَذَابُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ (158)

ඔවුන්ව දඬුවමද අල්ලා ගත්තේය. නියත වශයෙන්ම (ඔවුන්ට) මෙහි එක් සාධකයක් ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේම නැත.

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ (159)

(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.

كَذَّبَتْ قَوْمُ لُوطٍ الْمُرْسَلِينَ (160)

ලුත් (නබි)ගේ ජනතාවද (අපගේ) දූතයින්ව බොරුකාරයින් කළහ.

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ لُوطٌ أَلَا تَتَّقُونَ (161)

ඔවුන්ගේ සහෝදර ලුත් තුමා “ඔබ (පාපයෙන් ඔබව) ආරක්ෂා කර ගත යුතු නොවේද?” (යයි පැවසූහ).

إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ (162)

නියත වශයෙන්ම මා ඔබ වෙත යවන ලද විශ්වාසවන්ත දූතයෙකු වශයෙන් සිටින්නෙමි.

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ (163)

එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී, මට අවනත වනු”.

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ (164)

“මේ වෙනුවෙන් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලී සියල්ල ලෝකවාසීන්ව පෝෂණය කරන දෙවියන් වෙතම මිස, (වෙන කිසිවෙකු වෙත) නැත”.

أَتَأْتُونَ الذُّكْرَانَ مِنَ الْعَالَمِينَ (165)

“ලෝකවාසීන්ගෙන් (සුවය විඳීමට) ඔබ පිරිමින් වෙත පැමිණෙන්නෙහුද?

وَتَذَرُونَ مَا خَلَقَ لَكُمْ رَبُّكُمْ مِنْ أَزْوَاجِكُمْ ۚ بَلْ أَنْتُمْ قَوْمٌ عَادُونَ (166)

ඔබගේ භාර්යයාවන්ගෙන් (ඔබ සුවය විඳීමට) ඔබගේ රබ්බු ඔබ වෙනුවෙන් උත්පාදනය කර ඇති දැය ඔබ අත්හැර දමන්නෙහුය. නැත! ඔබ සීමාව ඉක්මවූ සමූහයකි” (යයි පැවසුවේය).

قَالُوا لَئِنْ لَمْ تَنْتَهِ يَا لُوطُ لَتَكُونَنَّ مِنَ الْمُخْرَجِينَ (167)

එයට ඔවුන් “ඕ ලුත්! (මෙසේ පැවසීමෙන්) ඔබ ඈත් නොවුවහොත් නියත වශයෙන්ම ඔබ (අපගේ රටින්) එළවා දමනු ලබන්නෙහිය” යයි පැවසූහ.

قَالَ إِنِّي لِعَمَلِكُمْ مِنَ الْقَالِينَ (168)

එයට ඔහු “නියත වශයෙන්ම මා ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නෙමි” (යයි පැවසුවේය).

رَبِّ نَجِّنِي وَأَهْلِي مِمَّا يَعْمَلُونَ (169)

“මගේ දෙවියනේ! මොවුන්ගේ (මෙම නපුරු) ක්‍රියාවෙන් මාවද, මගේ පවුලේ උදවියද බේරා ගනු (මැනව!)” යයි ප්‍රාර්ථනා කළේය.

فَنَجَّيْنَاهُ وَأَهْلَهُ أَجْمَعِينَ (170)

එබැවින් ඔහුවද, ඔහුගේ පවුලේ සියල්ලන්වද අපි බේරා ගත්තෙමු.

إِلَّا عَجُوزًا فِي الْغَابِرِينَ (171)

එහෙත් ඔහුගේ එක් මැහැල්ලියක් (භාර්යයාවක්) හැර, ඇය පසුපසින් රැඳී සිටියවුන් සමග නැවතී (විනාශ වී) ගියාය.

ثُمَّ دَمَّرْنَا الْآخَرِينَ (172)

පසුව අපි අන් සියල්ලන්වම සහමුලින්ම විනාශ කර දැමුවෙමු.

وَأَمْطَرْنَا عَلَيْهِمْ مَطَرًا ۖ فَسَاءَ مَطَرُ الْمُنْذَرِينَ (173)

ඔවුන් කෙරෙහි අපි (ගල්) වරුසාවක් වසින්නට සැලැස්සුවෙමු. බිය ගන්වා අනතුරු අඟවන ලද ඔවුන් (මත වසින්නට සැලැස්වූ ගල්) වරුසාව ඉතාමත් නපුරුය.

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ (174)

නියත වශයෙන්ම මෙහි එක් සාධකයක් ඇත. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේ නැත.

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ (175)

(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.

كَذَّبَ أَصْحَابُ الْأَيْكَةِ الْمُرْسَلِينَ (176)

(මදියන් රටේ) අයිකා නමැති වනවාසීන්ද (අපගේ) දූතයින්ව බොරුකාරයන් කළහ.

إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَ (177)

ෂුඅයිබ් (නබි) ඔවුන්ට “ඔබ (අල්ලාහ්ට බිය වී, පාපයන්ගෙන්) ඈත් විය යුතු නොවේද?” (යයි පැවසූහ).

إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ (178)

“නියත වශයෙන්ම මා ඔබ වෙත යවන ලද විශ්වාසවන්ත දූතයෙකු වශයෙන් සිටින්නෙමි”.

فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ (179)

“අල්ලාහ්ට බිය වී, මට අවනත වනු”.

وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ (180)

“මේ වෙනුවෙන් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලී සියල්ල ලෝකවාසීන්ව පෝෂණය කරමින් සිටින දෙවියන් වෙතම මිස, (වෙන කිසිවෙකුත් වෙත) නැත”.

۞ أَوْفُوا الْكَيْلَ وَلَا تَكُونُوا مِنَ الْمُخْسِرِينَ (181)

“මිනුම පූරණ වශයෙන් මනිනු. (ජනතාවට) පාඩුවක් ඇති කරන්නන් වශයෙන් නොසිටිනු”.

وَزِنُوا بِالْقِسْطَاسِ الْمُسْتَقِيمِ (182)

“නිවැරදි තරාදියකින් කිරිනු”.

وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءَهُمْ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ (183)

“මිනිසුන්ට ලබා දිය යුතු භාණ්ඩ ඔබ අඩුකර නොදමනු. ඔබ භූමියෙහි අපරාධ කරමින් නොහැසිරෙනු”.

وَاتَّقُوا الَّذِي خَلَقَكُمْ وَالْجِبِلَّةَ الْأَوَّلِينَ (184)

“ඔබවද, ඔබට පෙර විසූවන්වද, කවුරුන් උත්පාදනය කළේද, ඔහුටම ඔබ බිය වනු” යයිද පැවසුවේය.

قَالُوا إِنَّمَا أَنْتَ مِنَ الْمُسَحَّرِينَ (185)

එයට ඔවුන් “ඔබ සූනියමට ඇතුළු වූ කෙනෙකු බවට පත් වූවෙහිය”(යයි පැවසූහ).

وَمَا أَنْتَ إِلَّا بَشَرٌ مِثْلُنَا وَإِنْ نَظُنُّكَ لَمِنَ الْكَاذِبِينَ (186)

“ඔබ අප වැනි මිනිසෙකු මිස, වෙන කිසිවෙකු නොව. නියත වශයෙන්ම අපි ඔබ බොරුකාරයින්ගෙන් කෙනෙකු වශයෙන්ම අදහස් කරන්නෙමු”.

فَأَسْقِطْ عَلَيْنَا كِسَفًا مِنَ السَّمَاءِ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ (187)

“ඔබ ඇත්ත කියන්නන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙහු නම් අහස කෑලිවලට කඩා එයින් එක් කැබැල්ලක් අප වෙත වීසි කරනු” යයි පැවසූහ.

قَالَ رَبِّي أَعْلَمُ بِمَا تَعْمَلُونَ (188)

එයට ඔහු “ඔබ කරමින් සිටින (නපුරු) කාරණාව මගේ දෙවියන් හොඳින් දන්නේය. (මෙයට අයත් දඬුවම ඔබට අනිවාර්යයෙන් දෙනු ඇත)” යයි පැවසුවේය.

فَكَذَّبُوهُ فَأَخَذَهُمْ عَذَابُ يَوْمِ الظُّلَّةِ ۚ إِنَّهُ كَانَ عَذَابَ يَوْمٍ عَظِيمٍ (189)

(එහෙත්) පසුවත් ඔහුව බොරුකාරයා කළහ. එබැවින් (ඝන) අඳුරු දිනයෙහි දඬුවම ඔවුන්ව හසු කර ගත්තේය. නියත වශයෙන්ම එය නපුරු දිනයක දඬුවමක් වශයෙන්ම තිබුණි.

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ (190)

නියත වශයෙන්ම මෙහිද සාධකයක් ඇත. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේ නැත.

وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ (191)

(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ම (සියල්ලන්ටම) බලසම්පන්යෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.

وَإِنَّهُ لَتَنْزِيلُ رَبِّ الْعَالَمِينَ (192)

(නබියේ! ශුද්ධ වූ කුර්ආනය වන) මෙය නියත වශයෙන්ම ලෝකයන්ගේ දෙවියන් විසින්ම පහළ කරන ලදී.

نَزَلَ بِهِ الرُّوحُ الْأَمِينُ (193)

(දෙවියන්ගේ නියෝගයට අනුව) රූහුල් අමීන් (නමැති ජිබ්රීල්) මෙය ඔබගේ මනසෙහි පහළ කර තැබුවේය.

عَلَىٰ قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنْذِرِينَ (194)

(මිනිසුන්ට) ඔබ බිය ගන්වා අනතුරු ඇඟවීම සඳහා (මෙය පහළ කර තැබුවේය).

بِلِسَانٍ عَرَبِيٍّ مُبِينٍ (195)

පැහැදිලි අරාබි භාෂාවෙන් (මෙය පහළ කර තැබුවේය).

وَإِنَّهُ لَفِي زُبُرِ الْأَوَّلِينَ (196)

(මේ සම්බන්ධයෙන් වූ අනාවැකිය) නියත වශයෙන්ම පෙර තිබූ ධර්මයන්හිද ඇත්තේය.

أَوَلَمْ يَكُنْ لَهُمْ آيَةً أَنْ يَعْلَمَهُ عُلَمَاءُ بَنِي إِسْرَائِيلَ (197)

ඉස්රායීල පරම්පරාවේ දරුවන්ගෙන් වූ විද්වතුන් මෙය දැන සිටීමම ඔවුන්ට ප්‍රමාණවත් සාධකයක් නොවෙද?

وَلَوْ نَزَّلْنَاهُ عَلَىٰ بَعْضِ الْأَعْجَمِينَ (198)

(මොවුන් කැමති අන්දමට අරාබි නොවන) අජමි (වෙනත් ජනතාවන්ට අයත්) යම්කිසි කෙනෙකු කෙරෙහි (ඔහුගේ භාෂාවෙන්) මෙය පහළ කර,

فَقَرَأَهُ عَلَيْهِمْ مَا كَانُوا بِهِ مُؤْمِنِينَ (199)

ඔහු මෙය ඔවුන්ට සමුදීරණය කර පෙන්වූවා වුවද, ඔවුන් මෙය විශ්වාස කර ඇත්තේම නැත.

كَذَٰلِكَ سَلَكْنَاهُ فِي قُلُوبِ الْمُجْرِمِينَ (200)

මෙසේ (ඍනාත්මක මනසින් යුතුව ප්‍රතික්ෂේප කරන නපුරු ගති ගුණයෙන් යුතු) මෙය මෙම වැරදිකරුවන්ගේ හෘදයන්හි අපි ඇතුළු කර ඇත්තෙමු.

لَا يُؤْمِنُونَ بِهِ حَتَّىٰ يَرَوُا الْعَذَابَ الْأَلِيمَ (201)

එබැවින් වේදනා ගෙන දෙන දඬුවම මොවුන් (තමන්ගේ දෑසින්) දකින තුරු මෙය විශ්වාස කරන්නේම නැත.

فَيَأْتِيَهُمْ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ (202)

එය ඔවුන් වටහා නොගන්නා සේ හදිසියේ ඔවුන් වෙත පැමිණ ළඟා වන ඒ අවස්ථාවේදී,

فَيَقُولُوا هَلْ نَحْنُ مُنْظَرُونَ (203)

ඔවුන් “අපට (පොඩි) අවකාශයක් ලබා දෙනු ලැබේද?”යි විමසනු ඇත.

أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ (204)

කිමෙක්ද! අපගේ දඬුවමටද ඔවුන් ඉක්මන් වන්නේ?

أَفَرَأَيْتَ إِنْ مَتَّعْنَاهُمْ سِنِينَ (205)

(නබියේ!) ඔබ අවධානය කළෙහිද? අපි මොවුන්ව (මොවුන් කැමති වන ආකාරයට) වසර ගණනාවක් සැප සම්පත් විඳින්නට අත්හැර දමා සිටියද,

ثُمَّ جَاءَهُمْ مَا كَانُوا يُوعَدُونَ (206)

ඉන්පසුව ඔවුන්ට පොරොන්දු දෙන ලද (දඬුවම) පැමිණ ළඟා වන්නේ නම්,

مَا أَغْنَىٰ عَنْهُمْ مَا كَانُوا يُمَتَّعُونَ (207)

ඔවුන් විඳිනු ලැබූ සැප සම්පත් කිසිවක් ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත නොවෙද!

وَمَا أَهْلَكْنَا مِنْ قَرْيَةٍ إِلَّا لَهَا مُنْذِرُونَ (208)

බිය ගන්වා අනතුරු අඟවා (හොඳ ඔවදන් ලබා දෙන) දූතයෙකු නොයවන තුරු කිසිම රටක් අපි විනාශ කර දැමුවේ නැත.

ذِكْرَىٰ وَمَا كُنَّا ظَالِمِينَ (209)

(දූතයෙකු යවා දඬුවම ගැන) මතක් නොකර (කිසිවෙකුත් කිසි විටෙකත්) අපරාධ කරන්නෙකු වශයෙන් අපි සිටියේ නැත.

وَمَا تَنَزَّلَتْ بِهِ الشَّيَاطِينُ (210)

(මොවුන් පවසන අන්දමට) මෙය (මෙම ධර්මය) ෂෙයිතාන්වරුන් ගෙන ආවේද නැත.

وَمَا يَنْبَغِي لَهُمْ وَمَا يَسْتَطِيعُونَ (211)

(එය) ඔවුන්ට සුදුසුද නැත. (එයට අවශ්‍ය) ශක්තියද ඔවුන්ට නැත.

إِنَّهُمْ عَنِ السَّمْعِ لَمَعْزُولُونَ (212)

නියත වශයෙන්ම ඔවුන් (මෙය සවණට) ඇසීමෙන්ද වළක්වා දමනු ලැබ ඇත්තාහ.

فَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَتَكُونَ مِنَ الْمُعَذَّبِينَ (213)

එබැවින් (නබියේ!) ඔබ අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු ආරාධනා නොකරනු. (එසේ ආරාධනා කළහොත්) එනිසා ඔබ දඬුවම් කරනු ලබන්නෙහිය.

وَأَنْذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ (214)

ඔබ, ඔබගේ සමීප ඥාතීන්ටද, බිය ගන්වා අනතුරු අඟවනු.

وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ (215)

ඔබව අනුගමනය කරන විශ්වාසවන්තයින් වෙත උරහිස් පහත් කොට (කරුණාවන්තව) හැසිරෙනු මැනව!

فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّي بَرِيءٌ مِمَّا تَعْمَلُونَ (216)

නමුත් ඔවුන් ඔබට වෙනස්කම් කළහොත් “නියත වශයෙන්ම මා ඔබගේ කාරණාවන්ගෙන් ඈත් වූවෙමි” යයි පවසා,

وَتَوَكَّلْ عَلَى الْعَزِيزِ الرَّحِيمِ (217)

(සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ආදර කරුණාවෙන් යුතු අය වෙතම ඔබ (ඔබගේ කාරණාවන්) බාර කර හරිනු.

الَّذِي يَرَاكَ حِينَ تَقُومُ (218)

(ඔහු නම්) ඔබ (තනියෙන් නැමදීමට) සිට ගත් විටද,

وَتَقَلُّبَكَ فِي السَّاجِدِينَ (219)

(නැතහොත් අන් අය සමග එක්කාසු වී නළල බිම තබා) සුජූද් කර නැමදීමේ තත්වය වෙනස් වන විටද, ඔබව ඔහු බලන්නේය.

إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ (220)

නියත වශයෙන්ම ඔහු සියල්ල සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

هَلْ أُنَبِّئُكُمْ عَلَىٰ مَنْ تَنَزَّلُ الشَّيَاطِينُ (221)

(විශ්වාසවන්තයිනි!) කවුරුන් කෙරෙහි ෂෙයිතාන්වරුන් පහළ වන්නාහ යන්න ඔබට දැනුම් දෙන්නද?

تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِيمٍ (222)

බොරු කියන සෑම පාපතරයෙක් කෙරෙහිම පහළ වන්නාහ.

يُلْقُونَ السَّمْعَ وَأَكْثَرُهُمْ كَاذِبُونَ (223)

තමන් ආරංචි වූ දැය (සියල්ල ඒවා ඔවුන්ට) පවසන්නාහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (ඉමහත්) බොරුකාරයින්ය!

وَالشُّعَرَاءُ يَتَّبِعُهُمُ الْغَاوُونَ (224)

කිවිඳියන්වද දුර්මාර්ගිකයින්ම අනුගමනය කරන්නාහ.

أَلَمْ تَرَ أَنَّهُمْ فِي كُلِّ وَادٍ يَهِيمُونَ (225)

නියත වශයෙන්ම ඔවුන් සෑම මිටියාවතකම මං මුළාවී ඒ මේ අත සැරිසරන්නාහ යන්න (නබියේ!) ඔබ බැලූවේ නැද්ද?

وَأَنَّهُمْ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ (226)

නියත වශයෙන්ම ඔවුන් නොකළ කාරණාවන් (කළේය යයි) පවසන්නාහ.

إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَذَكَرُوا اللَّهَ كَثِيرًا وَانْتَصَرُوا مِنْ بَعْدِ مَا ظُلِمُوا ۗ وَسَيَعْلَمُ الَّذِينَ ظَلَمُوا أَيَّ مُنْقَلَبٍ يَنْقَلِبُونَ (227)

(එහෙත් ඔවුන්ගෙන්) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කර, (තමන්ගේ කාව්‍යයන්හි) අල්ලාහ්ව අධික වශයෙන් සිහි කොට, (අනුන්ගේ නින්දාවෙන්) අපරාධයන්ට ලක් වූ පසු පළි ගත්තෝද, ඔවුන් හැර, (අන් අය වැරදිකරුවන්ය. අනුන්ව නින්දා කර, වේදනා ගෙන දුන් මෙම) අපරාධ කළ අය, තමන් කොහේ ආපසු යා යුතුද යන්න ඉතාමත් ඉක්මනින් දැන ගන්නෙහුය.