وَالْفَجْرِ (1)
අළුයම් කාලය මතද-
وَلَيَالٍ عَشْرٍ (2)
රාත්‍රීන් දහයක් මතද-
وَالشَّفْعِ وَالْوَتْرِ (3)
ඔත්තේ ඉරත්තේ (සලාතයන්) මතද-
وَاللَّيْلِ إِذَا يَسْرِ (4)
ගමන් ගන්නා රාත්‍රිය මතද, සත්තකින්ම! (ප්‍රශ්න ගණනය කරන දිනය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය).
هَلْ فِي ذَٰلِكَ قَسَمٌ لِذِي حِجْرٍ (5)
මෙහි බුද්ධිය ඇති අයට (විශ්වාසය ලබා දිය හැකි) විශාල සත්‍යයක් ඇත්තේය නොවෙද?
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ (6)
(නබියේ!) ආද් ජනයාව ඔබගේ දෙවියන් කෙසේ නම් (දඬුවම්) කළේද යන්න ඔබ අවධානය කළේ නැද්ද?
إِرَمَ ذَاتِ الْعِمَادِ (7)
උස් වූ කුළුණු වලින් යුත් ඉරම් වාසීන්ය.
الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلَادِ (8)
ඔවුන් වැනි (ශක්තිවන්තයින් ලොවෙහි ඇති) නගරයන්හි (කිසි තැනක) උත්පාදනය කරනු ලැබුවේ නැත.
وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ (9)
එහෙත් සමූද් නමැති ජනයාව (ඔබගේ දෙවියන් කෙසේ නම් දඬුවම් කළේද යන්න ඔබ අවධානය කළේ නැද්ද?) මොවුන් කඳු පාවුලෙහි ගල් පර්වත හාරා (එහි වාසය කරමින්) සිටියහ.
وَفِرْعَوْنَ ذِي الْأَوْتَادِ (10)
එහෙත් සේනාංකයන් හිමි ෆිර්අව්න්ව (ඔබගේ දෙවියන් කෙසේ නම් දඬුවම් කළේද යන්න ඔබ අවධානය කළේ නැද්ද?)
الَّذِينَ طَغَوْا فِي الْبِلَادِ (11)
මොවුන් සියල්ලන්ම භූමියෙහි සීමාව ඉක්මවාම කටයුතු කළහ.
فَأَكْثَرُوا فِيهَا الْفَسَادَ (12)
එහිදී ඔවුන් ඉතාමත් අධික වශයෙන්ම අපරාධ කරමින්ම සිටියහ.
فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ (13)
එබැවින් ඔබගේ දෙවියන් ඔවුන් කෙරෙහි දඬුවමේ කසයන් මගින් (පහරක් මත පහරක් වශයෙන්) පහර දුන්නේය.
إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ (14)
නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (මෙම පාපතරයින්ගේ පැමිණීම) බලාපොරොත්තුවෙන්ම සිටින්නේය.
فَأَمَّا الْإِنْسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ (15)
එබැවින් මිනිසාව ඔහුගේ දෙවියන් පිරික්සුමට ලක් කර, ඔහුට දයාව පහළ කර, ඔහුව උසස් කළහොත් ‘මගේ දෙවියන් මාව ගෞරව කළේය’ යයි (ආඩම්බරයෙන්) පවසන්නේය.
وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ (16)
එහෙත් (දෙවියන්) ඔහුව පිරික්සුමට ලක් කර, ඔහුගේ වස්තුව ඔහුට අඩු කර හැරියහොත් ‘මගේ දෙවියන් මාව අවමන් කර හැරියේය’ යයි (ෙදාස්) කියන්නේය.
كَلَّا ۖ بَلْ لَا تُكْرِمُونَ الْيَتِيمَ (17)
(කාරණාව නම්) එසේ නොව. ඔබ අනාථයින්ව ගෞරව කළේද නැත.
وَلَا تَحَاضُّونَ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ (18)
(ඔබ) දුප්පතුන්ට ආහාර (සැපයූවේද නැති අතර වෙන කිසිවෙකුත්) ලබා දෙන මෙන් පෙළඹුවේද නැත.
وَتَأْكُلُونَ التُّرَاثَ أَكْلًا لَمًّا (19)
(අන් අයට) උරුම වූ වස්තුවද අධික තන්හාවෙන් (උදුරාගෙන) ගිල දමන්නෙහුය.
وَتُحِبُّونَ الْمَالَ حُبًّا جَمًّا (20)
ඔබ ඉතාමත් සීමාව ඉක්මවා ගිය තරමට වස්තුවට ආශා කරන්නෙහුය.
كَلَّا إِذَا دُكَّتِ الْأَرْضُ دَكًّا دَكًّا (21)
එබැවින් භූමිය කුඩේ කුඩු කර (දූවිලි) බවට තලා දමනු ලබන අවස්ථාවේදී-
وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا (22)
ඔබගේ දෙවියන්ද පැමිණෙනු ඇත. මලායිකාවරුන්ද කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.
وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْإِنْسَانُ وَأَنَّىٰ لَهُ الذِّكْرَىٰ (23)
(පාපතරයින් වෙනුවෙන්) නිරය ගෙන එනු ලබන එදිනදී මිනිසාට හොඳ බුද්ධිය උදා වනු ඇත. එහෙත් ඒ අවස්ථාවේදී (උදා වන) බුද්ධියෙන් ඔහුට කුමන ප්‍රයෝජනයක්ද?
يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي (24)
“මගේ (පරලොව) ජීවිතය වෙනුවෙන් මා පින් ඇති දැය කර යවා තිබිය යුතු නොවේද!” යයි ප්‍රලාප ෙදාඩවනු ඇත.
فَيَوْمَئِذٍ لَا يُعَذِّبُ عَذَابَهُ أَحَدٌ (25)
එදිනදී (පාපතරයින්ව) ඔහු කරන දඬුවම මෙන් වෙන කිසිවෙකුත් (කිසිවෙකුටත්) කරන්නේ නැත. (එතරම් දරුණු ලෙස ඔහු දඬුවම් කරන්නේය).
وَلَا يُوثِقُ وَثَاقَهُ أَحَدٌ (26)
(පාපතරයින්ව) ඔහු බැඳ දමන්නාක් මෙන් (තදින්) වෙන කිසිවෙකුත් බඳින්නේද නැත. (එතරම් තදින් ඔහු බඳිනු ඇත).
يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ (27)
(එහෙත් එදිනදී හොඳ වහලූන්ට) “ඕ තෘප්තියට පත් ආත්මය!
ارْجِعِي إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَرْضِيَّةً (28)
ඔබ, ඔබගේ දෙවියන් දෙසට යනු! ඔහු මඟින් ඔබ තෘප්තියට පත් වනු! ඔබ ගැන ඔහු තෘප්තියට පත් වී ඇත්තේය.
فَادْخُلِي فِي عِبَادِي (29)
ඔබ මගේ හොඳ වහලූන් සමග එකතු වී-
وَادْخُلِي جَنَّتِي (30)
මගේ ස්වර්ගයෙහිද ඔබ ඇතුළු වනු!” (යයිද පවසනු ඇත).