كهيعص (1)

කාෆ්. හා. යා. අයින්. සාද්.

ذِكْرُ رَحْمَتِ رَبِّكَ عَبْدَهُ زَكَرِيَّا (2)

(නබියේ!) ඔබගේ දෙවියන් තම වහලා වන සැකරියියා හට පහළ කළ වරප්‍රසාදය (මෙහි) කියනු ලැබ ඇත්තේය.

إِذْ نَادَىٰ رَبَّهُ نِدَاءً خَفِيًّا (3)

ඔහු තම දෙවියන්ව පහත් හඬින් ආරාධනා කර

قَالَ رَبِّ إِنِّي وَهَنَ الْعَظْمُ مِنِّي وَاشْتَعَلَ الرَّأْسُ شَيْبًا وَلَمْ أَكُنْ بِدُعَائِكَ رَبِّ شَقِيًّا (4)

“මගේ දෙවියනේ! නියත වශයෙන්ම මගේ (සැකිළ්ලෙහි) ඇට ඛෙලහීන විය. මගේ හිස (කෙස්)ද ඉදී ගියේය. මගේ දෙවියනේ! (මෙතෙක්) මා ඔබගෙන් ඉල්ලු කිසිවක් වළක්වනු ලැබුවේ නැත. (මා ඉල්ලු සියල්ල ඇත්තෙන්ම ඔබ දී ඇත්තෙහිය)”.

وَإِنِّي خِفْتُ الْمَوَالِيَ مِنْ وَرَائِي وَكَانَتِ امْرَأَتِي عَاقِرًا فَهَبْ لِي مِنْ لَدُنْكَ وَلِيًّا (5)

“නියත වශයෙන්ම මා මගෙන් පසු මගේ ඥාතීන් ගැන බිය වන්නෙමි. මගේ භාය්‍යයාව නම්, වඳ බවට පත් වූවාය. එබැවින් ඔබගේ සන්නිධානයෙන් මා හට උරුමක්කාරයින් බවට පත් විය හැකි කෙනෙකුව ඔබ ලබා දෙනු මැනව!”

يَرِثُنِي وَيَرِثُ مِنْ آلِ يَعْقُوبَ ۖ وَاجْعَلْهُ رَبِّ رَضِيًّا (6)

“ඔහු මටත් යාකූබ්ගේ පරම්පරාවේ දරුවන්ටද උරුම්ක්කාරයින් බවටද; මගේ දෙවියනේ! ඔහුව (ඔබ) ප්‍රිය කරන්නෙකු බවටද පත් කරනු මැනව!” යයි ප්‍රාර්ථනා කළේය.

يَا زَكَرِيَّا إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ اسْمُهُ يَحْيَىٰ لَمْ نَجْعَلْ لَهُ مِنْ قَبْلُ سَمِيًّا (7)

(එයට දෙවියන් ඔහුට) “ඕ සැකරීයියා! නියත වශයෙන්ම අපි යහ්යා යන නාමයෙන් යුත් පුතෙකු (දෙන බවට) ඔබට ශුභාරංචි දෙන්නෙමු. එම නාමයෙන් යුත් කිසිවෙකුත් මීට පෙර අපි උත්පාදනය කළේ නැත” (යයි පැවසුවේය).

قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَكَانَتِ امْرَأَتِي عَاقِرًا وَقَدْ بَلَغْتُ مِنَ الْكِبَرِ عِتِيًّا (8)

එයට ඔහු “මගේ දෙවියනේ! කෙසේ නම් මට දරුවෙකු ඇති වන්නේද? මගේ භාර්යයාව නම්, වඳ ගැහැනියකි. මමද මහළු වියේ උච්ච තත්වය අත් කර ගෙන ඇත්තෙමි” යයි පැවසුවේය.

قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٌ وَقَدْ خَلَقْتُكَ مِنْ قَبْلُ وَلَمْ تَكُ شَيْئًا (9)

(එයට “මා පැවසූ) ඒ ආකාරයෙන්ම (සිදු වනු ඇත). මෙය මට ඉතාමත් පහසු දැයකි. මීට පෙර ඔබ කිසිවක් බවට නොසිටියදී, මම ම ඔබව උත්පාදනය කළෙමි’ යයි ඔබගේ දෙවියන් පවසන්නේය” යයිද (එම මලායිකාවරයා) පැවසුවේය.

قَالَ رَبِّ اجْعَلْ لِي آيَةً ۚ قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَ لَيَالٍ سَوِيًّا (10)

එයට ඔහු “මගේ දෙවියනේ! (මෙයට) මට සාධකයක් ලබා දෙනු (මැනව!)” යයි ඉල්ලා සිටියේය. (එයට) ඔහු (දෙවියන්), “ඔබට (මා ලබා දෙන) සාධකය නම්, ඔබ (අංග සම්පූර්ණයෙන් සිටියදීම) රාත්‍රීන් තුනක්ද, (දහවල් තුනක්ද) මිනිසුන් සමග කතා කිරීමට නොහැකි බවට පත් වනු ඇත” යයි පැවසුවේය.

فَخَرَجَ عَلَىٰ قَوْمِهِ مِنَ الْمِحْرَابِ فَأَوْحَىٰ إِلَيْهِمْ أَنْ سَبِّحُوا بُكْرَةً وَعَشِيًّا (11)

පසුව ඔහු (පුරුදු පරිදි ජනතාවට හොඳ ඔවදන් දීමට නැමදුම්පළෙහි මිහ්රාබ් නමැති) අති උතුම් ස්ථානයෙන් පිටත් වී තම ජනතාව ඉදිරියට පැමිණියේය. (එහෙත් ඔහුට මුවින් කතා කිරීමට නොහැකි විය). එබැවින් උදේ සවස (දෙවියන්ව) ප්‍රශංසා කර, සුවි ශුද්ධ කරනු යයි (තම අතින්) ඔවුන්ට සංඥා කර පෙන්වූවේය.

يَا يَحْيَىٰ خُذِ الْكِتَابَ بِقُوَّةٍ ۖ وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيًّا (12)

(අපි පැවසූ අන්දමට සැකරීයියාට, යහ්යා ඉපදුණු පසු ඔහුට) “ඕ යහ්යා! ඔබ මෙම ධර්මය ශක්තිමත් ලෙස අල්ලා ගනු” (යයි පැවසුවෙමු). අපි ඔහුට (ඔහුගේ) කුඩා අවදියේදීම ඥානයද ලබා දුන්නෙමු.

وَحَنَانًا مِنْ لَدُنَّا وَزَكَاةً ۖ وَكَانَ تَقِيًّا (13)

තවද කරුණාවන්ත මනසද, පරිශුද්ධ වූ ගතිගුණයද අපි ඔහුට ලබා දුන්නෙමු. එබැවින් ඔහු ඉමහත් භය භක්තිකයෙකු වශයෙන්ම සිටියේය.

وَبَرًّا بِوَالِدَيْهِ وَلَمْ يَكُنْ جَبَّارًا عَصِيًّا (14)

තවද තම දෙමව්පියන්ට කෘතඥ වන්නෙකු වශයෙන්ම (සිටියා) මිස, ඔහු වෙනස්කම් කරන්නෙකු වශයෙන් හෝ මුරණ්ඩු ගති ඇත්තෙකු වශයෙන් හෝ සිටියේ නැත.

وَسَلَامٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّا (15)

ඔහු ඉපදුණු දවසේදීද, ඔහු මරණයට පත් වන දවසේදීද, (පරලොවදී) ඔහු පණ ලැබී නැගිටින දවසේදීද ඔහු කෙරෙහි ශාන්තිය හා සමාදානයම ස්ථීරව තිඛෙණු ඇත.

وَاذْكُرْ فِي الْكِتَابِ مَرْيَمَ إِذِ انْتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًا شَرْقِيًّا (16)

(නබියේ!) මෙම ධර්මයෙහි (ඊසා නබිගේ මව වන) මර්යම් ගැනද (පොඩියක්) පවසනු (මැනව!) ඇය තම පවුලේ උදවියගෙන් ඈත් වී නැගෙනහිර දිසාවෙහි ඇති (තම) කාමරයට ගොස්

فَاتَّخَذَتْ مِنْ دُونِهِمْ حِجَابًا فَأَرْسَلْنَا إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا (17)

(ස්නානය කිරීම සඳහා) තම ජනතාව ඉදිරියේ තිරයක් දමා ගත් අවස්ථාවේදී (ජිබ්රීල් නමැති) අපගේ දූතයාව ඇය වෙත යැව්වෙමු. ඔහු සාමාන්‍ය මිනිසෙකුගේ රුවින් ඈ ඉදිරියේ දිස්වූවේය.

قَالَتْ إِنِّي أَعُوذُ بِالرَّحْمَٰنِ مِنْكَ إِنْ كُنْتَ تَقِيًّا (18)

(මර්යම් ඔහුව දුටු වහාම) “නියත වශයෙන්ම මා ඔබගෙන් මාව බේරා ගන්නා මෙන් රහ්මාන් වෙතින් ප්‍රාර්ථනා කරන්නෙමි. ඔබ හොඳ ගති පැවතුම්වලින් යුක්ත අයෙකු වශයෙන් සිටින්නෙහු නම්, (මෙතැනින් වහාම ඉවත් වනු)” යයි පැවසුවාය.

قَالَ إِنَّمَا أَنَا رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَامًا زَكِيًّا (19)

එයට ඔහු “පරිශුද්ධ වූ පුතෙකු ඔබට (ලබා දෙන බවට ඔබට දැනුම් දීම) සඳහා මා ඔබගේ දෙවියන් විසින් යවනු ලැබූ දූතයෙකි (මලායිකාවරයෙකි)” යයි කීවේය.

قَالَتْ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ وَلَمْ أَكُ بَغِيًّا (20)

එයට ඇය “මා හට කෙසේ නම් දරුවෙකු ලැඛෙන්නේද? කිසිම මිනිසෙකු මාව ස්පර්ශ කර නොතිබියදී වුවද! මා අපචාර ගති ගුණ ඇත්තෙකුද නොවන්නෙමි නොවෙද!” යයි පැවසුවාය.

قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٌ ۖ وَلِنَجْعَلَهُ آيَةً لِلنَّاسِ وَرَحْمَةً مِنَّا ۚ وَكَانَ أَمْرًا مَقْضِيًّا (21)

එයට ඔහු “ඒ ආකාරයටම (සිදු වනු ඇත). එය මට ඉතාමත් පහසුය. ඇයව මිනිසුන්ට එක් සළකුණක් වශයෙන්ද, අපගේ වරප්‍රසාදයක් වශයෙන්ද, අපි පත් කරන්නෙමු. මෙය අවසාන වශයෙන් මනක්කල්පිත කරනු ලැබූ කාරණාවකි’ යයි ඔබගේ දෙවියන්ම පවසන්නේය” යයි කීවේය.

۞ فَحَمَلَتْهُ فَانْتَبَذَتْ بِهِ مَكَانًا قَصِيًّا (22)

පසුව (ඉබේම) මර්යම් ගැබ් ගෙන, ඒ සමග (ඇය උන්හිටි ස්ථානයෙන් පිටත්ව), දුරින් පිහිටි ස්ථානයකට ගොස් සේන්දු වූවාය.

فَأَجَاءَهَا الْمَخَاضُ إِلَىٰ جِذْعِ النَّخْلَةِ قَالَتْ يَا لَيْتَنِي مِتُّ قَبْلَ هَٰذَا وَكُنْتُ نَسْيًا مَنْسِيًّا (23)

පසුව ඇයට දරු ප්‍රසූතයේ වේදනාව ඇති වී, එක් ඉඳි ගසක් යටට ගිය විට, “මීට පෙරම මා මිය ගියා නම් අගනේය නොවෙද! (එසේ මිය ගියා නම්, මා ගැන තිඛෙණ සිතුවිල්ලම කිසිවෙකුගේ මතකයේ නොතිඛෙණ සේ) සම්පූර්ණයෙන්ම අමතක කර දමා ඇත්තෙමි” යයි (ශෝකයෙන් යුතුව) පැවසුවාය.

فَنَادَاهَا مِنْ تَحْتِهَا أَلَّا تَحْزَنِي قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِيًّا (24)

(ඉඳි ගසේ) යටි පැත්තේ සිටි (ජිබ්රීල්) ශබ්ද නගා “(ඕ මර්යම්!) ඔබ දුක් නොවනු! ඔබට ඉතාමත් සමීපයෙන් ඔබගේ දෙවියන්, උල්පතක් (ඉකුත් වී) ගලා බැසීමට සලස්වා ඇත්තේය”.

وَهُزِّي إِلَيْكِ بِجِذْعِ النَّخْلَةِ تُسَاقِطْ عَلَيْكِ رُطَبًا جَنِيًّا (25)

“මෙම ඉඳි ගසේ අත්තක් ඔබ, ඔබගේ පැත්තට අල්ලාගෙන (ඇද) සොළවනු. එහි ඉදුණු පලතුරු ඔබ කෙරෙහි වැටෙනු ඇත”.

فَكُلِي وَاشْرَبِي وَقَرِّي عَيْنًا ۖ فَإِمَّا تَرَيِنَّ مِنَ الْبَشَرِ أَحَدًا فَقُولِي إِنِّي نَذَرْتُ لِلرَّحْمَٰنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ الْيَوْمَ إِنْسِيًّا (26)

“(එම පලතුරු) ඔබ අනුභව කර, (මෙම උල්පත් ජලය) පානය කර, (මෙම ළදරුවා දැක) ඔබ (ඔබගේ) ඇස් පිනා යනු මැනව! ඔබ කුමන මිනිසෙකු දුටුවා වුවද, ‘නියත වශයෙන්ම මා රහ්මාන් වෙනුවෙන් උපවාසයේ යෙදෙමි. එබැවින් අද දින කිසිම මිනිසෙකු සමග කතා නොකරමි’ යයි පවසා හරිනු” (යයිද පැවසුවේය).

فَأَتَتْ بِهِ قَوْمَهَا تَحْمِلُهُ ۖ قَالُوا يَا مَرْيَمُ لَقَدْ جِئْتِ شَيْئًا فَرِيًّا (27)

පසුව (මර්යම්) එම ළදරුවා ඔසවාගෙන තම ජනතාව වෙත පැමිණි විට, ඔවුන් (මැයට) “ඕ මර්යම්! නියත වශයෙන්ම ඔබ ඉතාමත් නපුරු ක්‍රියාවක් කළෙහිය”.

يَا أُخْتَ هَارُونَ مَا كَانَ أَبُوكِ امْرَأَ سَوْءٍ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّا (28)

“ඕ හාරූන්ගේ සහෝදරිය! ඔබගේ පියා නපුරෙකු වශයෙන් සිටියේ නැත නොවෙද! ඔබගේ මවද අපචාර ගති ගුණයන්ගෙන් යුත් කෙනෙකු වශයෙන් සිටියේද නැත නොවෙද!” යයි (නින්දා කරමින්) පැවසූහ.

فَأَشَارَتْ إِلَيْهِ ۖ قَالُوا كَيْفَ نُكَلِّمُ مَنْ كَانَ فِي الْمَهْدِ صَبِيًّا (29)

(එයට ඇය, මේ ගැන ළදරුවාගෙන් විමසන මෙන්) ඒ දෙසට සංඥා කළාය. එයට ඔවුන් “ඔඩොක්කුවේ සිටිය හැකි කුඩා ළදරුවෙකු සමග අපි කෙසේ නම් කතා කරන්නද?”යි පැවසූහ.

قَالَ إِنِّي عَبْدُ اللَّهِ آتَانِيَ الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّا (30)

(මෙයට සවන් දුන් එම ළදරුවා ඔවුන්ට) මෙසේ පැවසුවේය. “නියත වශයෙන්ම මා අල්ලාහ්ගේ වහලෙකි. ඔහු මා හට ධර්මයක් පහළ කර, නබිවරයෙකු බවටද පත් කරනු ඇත”.

وَجَعَلَنِي مُبَارَكًا أَيْنَ مَا كُنْتُ وَأَوْصَانِي بِالصَّلَاةِ وَالزَّكَاةِ مَا دُمْتُ حَيًّا (31)

“මා කොහි සිටියා වුවද, ඔහු මාව ඉතාමත් භාග්‍යවන්තයෙකු බවටම පත් කරනු ඇත. මා ජීවතුන් අතර සිටින තුරු සලාතය නොකඩවා ඉටු කර, සලාත් කරන මෙන්ද, සකාත් ගෙවමින් සිටින මෙන්ද ඔහු මා හට ඔවදන් දී ඇත්තේය”.

وَبَرًّا بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا (32)

“මගේ මවට මා කෘතඥ වීම පිණිසද, (මා හට ඔවදන් දී) මා මුරණ්ඩු කෙනෙකු බවටද, මාර්ගය වැරද යන කෙනෙකු බවටද පත් නොවන සේ සලස්වනු ඇත”.

وَالسَّلَامُ عَلَيَّ يَوْمَ وُلِدْتُ وَيَوْمَ أَمُوتُ وَيَوْمَ أُبْعَثُ حَيًّا (33)

“මා උපන් දිනදීද, මා මරණයට පත් වන දිනදීද, ශාන්තිය හා සමාදානයද මා කෙරෙහි ස්ථීරවත් බවට පත් කරනු ලැබ ඇත” (යයිද එම ළදරුවා පැවසුවේය).

ذَٰلِكَ عِيسَى ابْنُ مَرْيَمَ ۚ قَوْلَ الْحَقِّ الَّذِي فِيهِ يَمْتَرُونَ (34)

මර්යම්ගේ පුත් ඊසා වන මොහු (මෙවැනි කෙනෙකු)ය. ඔහු (පුහු) තර්ක කරමින් සිටීම ගැන වූ සත්‍ය කාරණාව මෙයයි.

مَا كَانَ لِلَّهِ أَنْ يَتَّخِذَ مِنْ وَلَدٍ ۖ سُبْحَانَهُ ۚ إِذَا قَضَىٰ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ (35)

එබැවින් (ඔහු දෙවියන්ද නොව; දෙවියන්ගේ පුත්‍රයාද නොව; මන්දයත්) දරුවන් ගැනීම අල්ලාහ්ට (පොඩියක් හෝ) සුදුස්සක් නොව; ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. යම්කිසි දැයක් තීරණය කළහොත් එය ‘වනු!’ යයි ඔහු පැවසීම පමණක්ම (ඇති ප්‍රමාදයයි). එවෙලේම එය සිදු වන්නේය.

وَإِنَّ اللَّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ (36)

(මිනිසුනේ!) නියත වශයෙන්ම අල්ලාහ් මාව නිර්මාණය කර, පෝෂණය කරන්නාද වන්නේය. (ඊසා නොව. එබැවින්) ඔහුව (එක් කෙනෙකුව)ම ඔබ නමදිනු. මෙයයි ඍජු මාර්ගය” (යයි නබියේ! ඔබ පවසනු මැනව!)

فَاخْتَلَفَ الْأَحْزَابُ مِنْ بَيْنِهِمْ ۖ فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنْ مَشْهَدِ يَوْمٍ عَظِيمٍ (37)

නමුත් ඔවුන්ගෙන් වූ එක් සමූහයක් (මේ ගැන) තමන් අතරේ (නිකරුණේ) තර්ක කරමින් සිටින්නාහ. එබැවින් (අපි පැවසූ මෙය) ප්‍රතික්ෂේප කරන්නන් (සියල්ලන්ම අප වෙත) ඒකරාශී විය යුතු එක් ඉමහත් වූ දිනදී ඔවුන්ට විනාශයයි”.

أَسْمِعْ بِهِمْ وَأَبْصِرْ يَوْمَ يَأْتُونَنَا ۖ لَٰكِنِ الظَّالِمُونَ الْيَوْمَ فِي ضَلَالٍ مُبِينٍ (38)

(අද දින මෙය ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටියා වුවද), අප වෙත ඔවුන් පැමිණෙන දින (අපගේ නියෝගයන්ට) ඉතාමත් හොඳින් සවන් දෙනු ඇත. (අපගේ දඬුවම්) ඉතාමත් හොඳින්ම (තමන්ගේ ඇස් වලින්ද) දකිනු ඇත. එහෙත් එම අපරාධකරුවන් මෙදින ප්‍රකට දුර්මාර්ගයෙහිම සිටින්නාහ.

وَأَنْذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ إِذْ قُضِيَ الْأَمْرُ وَهُمْ فِي غَفْلَةٍ وَهُمْ لَا يُؤْمِنُونَ (39)

නමුත් (නබියේ!) සාධාරණව විනිශ්චය දෙනු ලබන ඉතාමත් දුක්මුසු (එම) දින ගැන ඔබ ඔවුන්ට බිය ගන්වා අනතුරු අඟවනු. එහෙත් (අද දින) ඔවුන් දුකෙන් තොරව සිටින්නාහ. එබැවින් ඔවුන් විශ්වාස කරන්නේම නැත.

إِنَّا نَحْنُ نَرِثُ الْأَرْضَ وَمَنْ عَلَيْهَا وَإِلَيْنَا يُرْجَعُونَ (40)

නියත වශයෙන්ම අපිම භූමියෙහිද, එහි දැයෙහිද උරුමක්කාරයින් වන්නෙමු. ඔවුන් (සියල්ලන්ම) අප වෙතම ගෙන එනු ලබන්නාහ.

وَاذْكُرْ فِي الْكِتَابِ إِبْرَاهِيمَ ۚ إِنَّهُ كَانَ صِدِّيقًا نَبِيًّا (41)

(නබියේ!) මෙම ධර්මයෙහි ඉබ්රාහීම් ගැනද (පොඩියක්) පවසනු (මැනව!) නියත වශයෙන්ම ඔහු සත්‍යවන්තයෙකු වශයෙන්ද, නබිවරයෙකු වශයෙන්ද සිටියේය.

إِذْ قَالَ لِأَبِيهِ يَا أَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِي عَنْكَ شَيْئًا (42)

ඔහු තම පියාට “මගේ පියාණෙනි! කිසිවක් බැලීමට හෝ සවන් දීමට හෝ කිසියම් විපතක් ඔබගෙන් වැළැක්වීමට හෝ ශක්තියක් නොමැති දැය (වන මෙම දෙවිවරුන්ව) ඔබ කුමක් නිසා නමදින්නෙහුද?”යි කීවේය.

يَا أَبَتِ إِنِّي قَدْ جَاءَنِي مِنَ الْعِلْمِ مَا لَمْ يَأْتِكَ فَاتَّبِعْنِي أَهْدِكَ صِرَاطًا سَوِيًّا (43)

(තවද) “මගේ පියාණෙනි! ඔබට නොලැබුණු අධ්‍යාපන ඥානය මා (මගේ දෙවියන්ගේ දයාවෙන්) අත් කරගෙන ඇත්තෙමි. ඔබ මාව අනුගමනය කරනු (මැනව!) මා ඔබව ඍජු මාර්ගයෙහි ගෙන යන්නෙමි”.

يَا أَبَتِ لَا تَعْبُدِ الشَّيْطَانَ ۖ إِنَّ الشَّيْطَانَ كَانَ لِلرَّحْمَٰنِ عَصِيًّا (44)

“මගේ පියාණෙනි! ෂෙයිතාන්ව නොනමදිනු. නියත වශයෙන්ම ෂෙයිතාන් රහ්මාන්ට වෙනස්කම් කරන්නෙකි”.

يَا أَبَتِ إِنِّي أَخَافُ أَنْ يَمَسَّكَ عَذَابٌ مِنَ الرَّحْمَٰنِ فَتَكُونَ لِلشَّيْطَانِ وَلِيًّا (45)

“මගේ පියාණෙනි! රහ්මාන්ගේ දඬුවම ඔබව අල්ලා ගනිවිදෝ යයි ඇත්තෙන්ම මා බිය වන්නෙමි. (රහ්මාන්ට වෙනස්කම් කළහොත්) ෂෙයිතාන්ට ඔබ මිතුරෙකු බවට පත් වන්නෙහිය” (යයි පැවසුවේය).

قَالَ أَرَاغِبٌ أَنْتَ عَنْ آلِهَتِي يَا إِبْرَاهِيمُ ۖ لَئِنْ لَمْ تَنْتَهِ لَأَرْجُمَنَّكَ ۖ وَاهْجُرْنِي مَلِيًّا (46)

එයට ඔහු “ඕ ඉබ්රාහීම්! ඔබ මගේ දෙවිවරුන්ව ප්‍රතික්ෂේප කර දැමුවෙහිද? ඔබ මෙම (අදහසින්) ඈත් නොවුවහොත් ඔබට ගල් ගසා මරා දමන්නෙමි! (මින්පසු) ඔබ සෑම විටම මගෙන් ඈත් වී සිටිනු!” යයි පැවසුවේය.

قَالَ سَلَامٌ عَلَيْكَ ۖ سَأَسْتَغْفِرُ لَكَ رَبِّي ۖ إِنَّهُ كَانَ بِي حَفِيًّا (47)

(එයට ඉබ්රාහීම් “මෙන්න මා යන්නෙමි). ඔබට ශාන්තිය අත් වේවා! පසුව මා ඔබ වෙනුවෙන් මගේ දෙවියන් වෙතින් සමාව ඉල්ලා සිටිමි. නියත වශයෙන්ම ඔහු මා කෙරෙහි (සැමදා) දයාබරවම සිට ඇත්තේය” යයි පැවසුවේය.

وَأَعْتَزِلُكُمْ وَمَا تَدْعُونَ مِنْ دُونِ اللَّهِ وَأَدْعُو رَبِّي عَسَىٰ أَلَّا أَكُونَ بِدُعَاءِ رَبِّي شَقِيًّا (48)

“ඔබගෙන්ද, අල්ලාහ් හැර ඔබ (දෙවියන් යයි) ආරාධනා කරන දැයෙන්ද, මා ඈත් වන්නෙමි. මගේ දෙවියන්වම මා ප්‍රාර්ථනා කරමින් සිටින්නෙමි. මගේ දෙවියන්ගෙන් මා කරන ප්‍රාර්ථනාවන් (මා හට) වළක්වා නොලබනු ඇතැයි විශ්වාස කරන්නෙමි” (යයිද පැවසුවේය).

فَلَمَّا اعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ وَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ ۖ وَكُلًّا جَعَلْنَا نَبِيًّا (49)

පසුව ඔහු ඔවුන්ගෙන්ද, ඔවුන් නමදිමින් සිටි අල්ලාහ් නොවන දෙවිවරුන්ගෙන්ද, ඈත් වූවේය. (ඉන් පසුව) ඉස්හාක්වද, යාකූබ්වද, ඔහුට (දරුවන් වශයෙන්) අපි ලබා දුන්නෙමු. ඔවුන් සෑම කෙනෙකුවම නබිවරුන් බවටද පත් කළෙමු.

وَوَهَبْنَا لَهُمْ مِنْ رَحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّا (50)

ඔවුන්ට අපගේ වරප්‍රසාදයන්ද ලබා දුන්නෙමු. සත්‍යයම (කතා කරන මෙන් වූ) ඉතාමත් උසස් දිවද ඔවුන්ට ලබා දුන්නෙමු. (පසුව පැමිණෙන්නන් අද දක්වාද, අෙලෙහිස්සලාම්, අෙලෙහිමුස්සලාම් යයි සැමදා ප්‍රශංසා කළ හැකි උසස් පදවීන්ද ඔවුන්ට ලබා දුන්නෙමු).

وَاذْكُرْ فِي الْكِتَابِ مُوسَىٰ ۚ إِنَّهُ كَانَ مُخْلَصًا وَكَانَ رَسُولًا نَبِيًّا (51)

(නබියේ!) මෙම ධර්මයෙහි මූසා ගැනද, (පොඩියක්) පවසනු (මැනව!) නියත වශයෙන්ම ඔහු කළවම් නොවුන (මනසක් අත් කර ගත්) අයෙකු වශයෙන්ද, (අපගේ) දූතයෙකු වශයෙන්ද, නබිවරයෙකු වශයෙන්ද සිටියේය.

وَنَادَيْنَاهُ مِنْ جَانِبِ الطُّورِ الْأَيْمَنِ وَقَرَّبْنَاهُ نَجِيًّا (52)

තූර් (සිනායි නමැති භාග්‍යයෙන් පිරි) කන්ඳේ දකුණු පැත්තෙන් ඔහුව අපි ශබ්ද නගා ආරාධනා කළෙමු. රහසින් කතා කිරීමට ඔහුව, ළඟට පැමිණීමට සැලැස්සුවෙමු.

وَوَهَبْنَا لَهُ مِنْ رَحْمَتِنَا أَخَاهُ هَارُونَ نَبِيًّا (53)

අපගේ වරප්‍රසාදයන් මගින් ඔහුගේ සහෝදර හාරූන්ව ඔහුට (උදව් කරන සහායක) නබිවරයෙකු වශයෙන් ලබා දුන්නෙමු.

وَاذْكُرْ فِي الْكِتَابِ إِسْمَاعِيلَ ۚ إِنَّهُ كَانَ صَادِقَ الْوَعْدِ وَكَانَ رَسُولًا نَبِيًّا (54)

(නබියේ!) ඉස්මායීල් ගැනද මෙම ධර්මයෙහි (පොඩියක්) පවසනු (මැනව!) නියත වශයෙන්ම ඔහු සත්‍යය පොරොන්දුවෙන් යුත් අයෙකු වශයෙන්ද, (අපගේ) දූතයා වශයෙන්ද, නබිවරයෙකු වශයෙන්ද සිටියේය.

وَكَانَ يَأْمُرُ أَهْلَهُ بِالصَّلَاةِ وَالزَّكَاةِ وَكَانَ عِنْدَ رَبِّهِ مَرْضِيًّا (55)

ඔහු තම පවුලේ උදවියට සලාතය නොකඩවා ඉටු කරන ලෙසටද, සකාත් ගෙවමින් සිටින ලෙසටද අණ කරමින් සිටියේය. ඔහු තම දෙවියන් විසින් ඉතාමත් කැමැත්තක් දක්වන්නෙකු වශයෙන්ද සිටියේය.

وَاذْكُرْ فِي الْكِتَابِ إِدْرِيسَ ۚ إِنَّهُ كَانَ صِدِّيقًا نَبِيًّا (56)

(නබියේ!) ඉද්රීස් ගැනද මෙම ධර්මයෙහි (පොඩියක්) පවසනු (මැනව!) නියත වශයෙන්ම ඔහු ඉතාමත් සත්‍යවන්තයෙකු වශයෙන්ද, (අපගේ) නබිවරයෙකු වශයෙන්ද සිටියේය.

وَرَفَعْنَاهُ مَكَانًا عَلِيًّا (57)

ඔහුව ඉතාමත් උසස් ස්ථානයකට අපි උසස් කර හැරියෙමු.

أُولَٰئِكَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ مِنْ ذُرِّيَّةِ آدَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍ وَمِنْ ذُرِّيَّةِ إِبْرَاهِيمَ وَإِسْرَائِيلَ وَمِمَّنْ هَدَيْنَا وَاجْتَبَيْنَا ۚ إِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُ الرَّحْمَٰنِ خَرُّوا سُجَّدًا وَبُكِيًّا ۩ (58)

(ඉහත සඳහන්) මොවුන් සියල්ලන්ම අල්ලාහ් දයාව පහළ කළ නබිවරුන් වන්නාහ. මොවුන් ආදම්ගේ පරම්පරාවේ දරුවන්ගෙන්ද, නූහු සමග අපි (නැවෙහි) පටවා ගත් අයගේ (පරම්පරාවේ දරුවන්ගෙන්ද) ඉබ්රාහීම්ගේ පරම්පරාවේ දරුවන්ගෙන්ද, ඉස්රායීල් (නමැති යාකූබ්)ගේ පරම්පරාවේ දරුවන්ගෙන්ද, ඇති අය වන්නාහ. තවද අපි තෝරාගෙන, ඍජු මාර්ගයෙහි යන්නට සැලැස්වූ අයගෙන්ද වූ අයයි. ඔවුන් කෙරෙහි රහ්මාන්ගේ ආයාවන් සමුදීරණය කරනු ලැබුවහොත් හ~න්නන් වශයෙන් හිස නවා සුජූද් කර (සලාත්) කරන්නාහ.

۞ فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهَوَاتِ ۖ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا (59)

(මොවුන්ගෙන් පසු මොවුන්ගේ පරම්පරාවේ දරුවන්ගෙන්) මොවුන්ගේ ස්ථානය අත් කර ගන්නා අය, ශරීර සුවය අනුගමනය කර, සලාතය (ඉටු නොකර) අපතේ හැරියහ. ඔවුන් (පරලොවදී) නපුරටම මුහුණ දෙනු ඇත.

إِلَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ شَيْئًا (60)

එහෙත් ඔවුන්ගෙන් කවුරුන් (පසුතැවිලි වී) පාපයන්ගෙන් ඈත් වී විශ්වාසය තබා, දැහැමි ක්‍රියාවන්ම කරන්නෝද, ඔවුන් ස්වර්ගයෙහි ඇතූළු වනු ඇත. ඔවුන්ට (දෙනු ලබන ඵලවිපාකවලින්) පොඩියක් හෝ (වැරැද්දක් කර), අපරාධයක් කරනු නොලබන්නාහ.

جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدَ الرَّحْمَٰنُ عِبَادَهُ بِالْغَيْبِ ۚ إِنَّهُ كَانَ وَعْدُهُ مَأْتِيًّا (61)

එම ස්වර්ගයන් සදාකල් ස්ථීරවත්ය. ගුප්තව ඇති ඒවා රහ්මාන් තම (හොඳ) වහලූන්ට පොරොන්දු වී ඇත්තේය. නියත වශයෙන්ම ඔහුගේ පොරොන්දුව අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.

لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا إِلَّا سَلَامًا ۖ وَلَهُمْ رِزْقُهُمْ فِيهَا بُكْرَةً وَعَشِيًّا (62)

(ඒවායෙහි) සලාම් (සලාම්- ශාන්තිය හා සමාදානය) යන්න මිස, පුහු වදන් සවන් දෙනු නොලබන්නාහ. එහි ඔවුන්ට උදේ සවස (ඉතාමත් උසස්) ආහාරද ලබා දෙනු ලැබේ.

تِلْكَ الْجَنَّةُ الَّتِي نُورِثُ مِنْ عِبَادِنَا مَنْ كَانَ تَقِيًّا (63)

මෙවැනි ස්වර්ගය අපගේ වහලූන්ගෙන් භය භක්තිකයින්ට අපි උරුම කර දෙන්නෙමු.

وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمْرِ رَبِّكَ ۖ لَهُ مَا بَيْنَ أَيْدِينَا وَمَا خَلْفَنَا وَمَا بَيْنَ ذَٰلِكَ ۚ وَمَا كَانَ رَبُّكَ نَسِيًّا (64)

(අපගේ මලායිකාවරුන් මෙසේ පවසන්නාහ: “නබියේ!) ඔබගේ දෙවියන්ගේ නියෝගයෙන් මිස, අපි පහළ වන්නේ නැත. අප ඉදිරියේ ඇති දැයද, පසුපසින් ඇති දැයද, මේ දෙක අතරේ ඇති දැයද ඔහුට අයත් දැයයි. මෙහි (කිසිවක්) ඔබගේ දෙවියන් අමතක කර දමන්නෙකු නොව”.

رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا فَاعْبُدْهُ وَاصْطَبِرْ لِعِبَادَتِهِ ۚ هَلْ تَعْلَمُ لَهُ سَمِيًّا (65)

“අහස්ද, භූමියද, මේවා අතර ඇති දැයද නිර්මාණය කර, පෝෂණ කරන්නේද ඔහුමය! එබැවින් ඔහු (එක් කෙනෙකු)වම ඔබ නමදිනු. ඔහුට අවනත වීමෙහි (ඔබට ඇති වන අමාරුකම්ද) ඔබ විඳ දරා ගනු. ඔහුගේ ගතිගුණයන්ට සම වන කවුරුන්ව හෝ ඔබ දන්නෙහිද?”

وَيَقُولُ الْإِنْسَانُ أَإِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا (66)

(මෙසේ තිබියදී) මිනිසා “මා මරණයට පත් වූ පසු පණ දී නැගිට්ටවනු ලබන්නෙමි?”යි (සමච්චලයෙන් මෙන්) විමසන්නේය.

أَوَلَا يَذْكُرُ الْإِنْسَانُ أَنَّا خَلَقْنَاهُ مِنْ قَبْلُ وَلَمْ يَكُ شَيْئًا (67)

(එයට) පෙර යම්කිසි වස්තුවක් වශයෙන් නොමැතිව තිබූ ඔහුව අපිම මනිසෙකු වශයෙන් නිර්මාණය කළෙමු යන්න ඔහු අවධානය කළ යුතු නොවෙද?

فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَالشَّيَاطِينَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيًّا (68)

එබැවින් (නබියේ!) ඔබගේ දෙවියන් මත සත්තකින්ම! ඔවුන්වද (ඔවුන් නමදින) ෂෙයිතාන්වරුන්වද නියත වශයෙන්ම (පණ දී) නැගිට්ටවා නිරයෙන් වට කර දණින් වැටී සිටින්නන් වශයෙන් ඔවුන්ව ඒකරාශී කරන්නෙමු.

ثُمَّ لَنَنْزِعَنَّ مِنْ كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى الرَّحْمَٰنِ عِتِيًّا (69)

පසුව රහ්මාන්ට වෙනස්කම් කිරීමෙහි දැඩිව සිටි අය සියල්ලන්ව සෑම සමූහයකින්ම නියත වශයෙන්ම අපි වෙන් කර හරින්නෙමු.

ثُمَّ لَنَحْنُ أَعْلَمُ بِالَّذِينَ هُمْ أَوْلَىٰ بِهَا صِلِيًّا (70)

පසුව ඔවුන්ගෙන් නිරය අත් කර ගැනීමට ඉතාමත් සුදුසු අය කවරෙක්දැයි යන්න නියත වශයෙන්ම අපි දැන ගන්නෙමු.

وَإِنْ مِنْكُمْ إِلَّا وَارِدُهَا ۚ كَانَ عَلَىٰ رَبِّكَ حَتْمًا مَقْضِيًّا (71)

එය තරනය නොකර ඔබගෙන් කිසිවෙකුත් බේරී යාමට නොහැක. (මෙය) ඔබගේ දෙවියන් වෙතින් තීරණය කරනු ලැබූ වෙනස් කළ නොහැකි තීන්දුවක් වන්නේය.

ثُمَّ نُنَجِّي الَّذِينَ اتَّقَوْا وَنَذَرُ الظَّالِمِينَ فِيهَا جِثِيًّا (72)

නමුත් අපි පරිශුද්ධවන්ත- යින්ව බේරා ගන්නෙමු. අපරාධකරුවන්ව (ඔවුන්ව) දණින් වැටී සිටින්නන් වශයෙන් (නැවී සිටියදී), එහි තල්ලූ කර දමන්නෙමු.

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَيُّ الْفَرِيقَيْنِ خَيْرٌ مَقَامًا وَأَحْسَنُ نَدِيًّا (73)

ප්‍රතික්ෂේප කරන්නන්ට අපගේ පැහැදිලි ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත්, ඔවුන් විශ්වාසවන්තයින්ව “අපගේ සමූහයන් දෙකෙන් කවුරුන්ගේ නිවස (දැනට) උසස් වශයෙන්ද, අන් අයගේ පෙනුමට අලංකාරවත්ව ඇත්තේද?”යි පවසන්නාහ.

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنْ قَرْنٍ هُمْ أَحْسَنُ أَثَاثًا وَرِئْيًا (74)

මොවුන්ට වඩා අලංකාරවත් (උසස්) පෙනුමෙන්ද, (අපමණ) ගෘහ භාණ්ඩ, වස්තුවෙන් යුතු කොපමණදෝ සමූහයන් මොවුන්ට පෙර විනාශ කර ඇත්තෙමු!

قُلْ مَنْ كَانَ فِي الضَّلَالَةِ فَلْيَمْدُدْ لَهُ الرَّحْمَٰنُ مَدًّا ۚ حَتَّىٰ إِذَا رَأَوْا مَا يُوعَدُونَ إِمَّا الْعَذَابَ وَإِمَّا السَّاعَةَ فَسَيَعْلَمُونَ مَنْ هُوَ شَرٌّ مَكَانًا وَأَضْعَفُ جُنْدًا (75)

“කවුරුන් දුර්මාර්ගයෙහි සිටින්නේද, ඔහුට පොරොන්දු වන ලද නියමිත වාරය පැමිණෙනු දකින තුරු, රහ්මාන් ඔහුට කාල අවකාශයක් ලබා දෙන්නේය. (එම වාරය අවසන් වන විට) ඔහුට දඬුවම් ලැඛෙනු ඇත. නැතහොත් ඔහුගේ කාලය අවසන් වී යනු ඇත. (ඒ අවස්ථාවේදී) කවුරුන්ගේ නිවස නපුරුද, කවුරුන්ගේ සමුහය ඛෙලහීනද යන්න නියත වශයෙන්ම ඔවුන් දැන ගන්නාහ” යයි (නබියේ!) ඔබ (ඔවුන්ට) පවසනු මැනව!

وَيَزِيدُ اللَّهُ الَّذِينَ اهْتَدَوْا هُدًى ۗ وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ مَرَدًّا (76)

කවුරුන් ඍජු මාර්ගයෙහි යන්නෝද, ඔවුන්ව අල්ලාහ් නැවත (නැවතත්) ඍජු මාර්ගයෙහිම ඇතුළු කරන්නේය. ස්ථීරව තිබිය හැකි දැහැමි ක්‍රියාවන්ම ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙහි (උසස්) හොඳ ඵලවිපාකද, හොඳ අවසානයද ලබා දිය හැකි දැය වශයෙන් ඇත්තේය.

أَفَرَأَيْتَ الَّذِي كَفَرَ بِآيَاتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالًا وَوَلَدًا (77)

(නබියේ!) අපගේ ආයාවන් ප්‍රතික්ෂේප කරන්නන්ව ඔබ බැලූවෙහිද? ඔහු ‘(පරලොවදීද) මා නියත වශයෙන්ම වස්තූන් විශාල ප්‍රමාණයක්ද, දරුවන්ද ලබා දෙනු ලබන්නෙමි” යයි පවසන්නේය.

أَطَّلَعَ الْغَيْبَ أَمِ اتَّخَذَ عِنْدَ الرَّحْمَٰنِ عَهْدًا (78)

ඔහු (පසුව සිදු විය හැකි) ගුප්ත කාරණාවන් දැන ගත්තෙහිද? නැතහොත් රහ්මාන්ගේ සන්නිධානයෙහි (මෙවැනි) පොරොන්දුවක් ලබා ඇත්තෙහිද?

كَلَّا ۚ سَنَكْتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُ مِنَ الْعَذَابِ مَدًّا (79)

(ඔහු පවසන අන්දමට) නොව! ඔහු පවසන දැය අපි සටහන් කරමින්ම සිටින්නෙමු. (එයට සරිලන) ඔහුගේ දඬුවමද අපි ඔහුට අධික කර හරින්නෙමු.

وَنَرِثُهُ مَا يَقُولُ وَيَأْتِينَا فَرْدًا (80)

ඔහු (තමන්ගේ යයි) පවසන (වස්තූන්) සියල්ලද අපිම උරුම කර ගන්නෙමු. ඔහු (මේවා අත්හැර දමා) තනියෙන්ම අප වෙත පැමිණෙනු ඇත.

وَاتَّخَذُوا مِنْ دُونِ اللَّهِ آلِهَةً لِيَكُونُوا لَهُمْ عِزًّا (81)

(සමානයන් තබා නමදින) මොවුන්, තමන්ට උදව් වශයෙන් සිටිනු ඇතැයි අල්ලාහ් නොවන දැය දෙවිවරුන් වශයෙන් ඇර ගනිමින් සිටින්නාහ.

كَلَّا ۚ سَيَكْفُرُونَ بِعِبَادَتِهِمْ وَيَكُونُونَ عَلَيْهِمْ ضِدًّا (82)

එසේ නොව. තමන්ව මොවුන් නැමදූ දැයද (එම දෙවිවරුන්) ප්‍රතික්ෂේප කර මොවුන්ට එරෙහිවද වෙනස් වන්නාහ.

أَلَمْ تَرَ أَنَّا أَرْسَلْنَا الشَّيَاطِينَ عَلَى الْكَافِرِينَ تَؤُزُّهُمْ أَزًّا (83)

(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන්ව (පාපතර කාරණාවන් කරන මෙන්) පොළඹවමින් සිටිනු සඳහාම ෂෙයිතාන්වරුන්ව අපි (ඔවුන් වෙත) යවා ඇත්තෙමු යන්න ඔබ අවධානය නොකළෙහිද?

فَلَا تَعْجَلْ عَلَيْهِمْ ۖ إِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّا (84)

එබැවින් ඔවුන් වෙනුවෙන් ඔබ ඉක්මන් නොවනු. ඔවුන් වෙනුවෙන් (දඬුවම පැමිණිය හැකි දිනයන්) අපි ගණනය කරමින්ම සිටින්නෙමු.

يَوْمَ نَحْشُرُ الْمُتَّقِينَ إِلَى الرَّحْمَٰنِ وَفْدًا (85)

භය භක්තිකයින්ව රහ්මාන් වෙත ගෞරවණීය කණ්ඩායමක් වශයෙන් ඒකරාශී කරන දිනදී;

وَنَسُوقُ الْمُجْرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرْدًا (86)

වැරදිකරුවන්ව පිපාසයෙන් යුතුව නිරය දෙසට දක්කාගෙන යන්නෙමු.

لَا يَمْلِكُونَ الشَّفَاعَةَ إِلَّا مَنِ اتَّخَذَ عِنْدَ الرَّحْمَٰنِ عَهْدًا (87)

රහ්මාන් වෙත අනුමැතිය දෙනු ලැබූවන් හැර, කිසිවෙකුත් (කිසිවෙකුටත්) මැදිහත්ව කතා කිරීමට ශක්තියක් අත් වන්නේ නැත.

وَقَالُوا اتَّخَذَ الرَّحْمَٰنُ وَلَدًا (88)

ඔවුන් (ක්‍රිස්තියානුවන්), “රහ්මාන් දරුවන්ව ගත්තෙහිය” යයි පවසන්නාහ.

لَقَدْ جِئْتُمْ شَيْئًا إِدًّا (89)

(නබියේ! ඔවුන්ට ඔබ මෙසේ පවසනු): නියත වශයෙන්ම ඔබ ඉමහත් අමූලික බොරුවක් ගොතා පවසන්නෙහුය.

تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنْشَقُّ الْأَرْضُ وَتَخِرُّ الْجِبَالُ هَدًّا (90)

(මෙනිසා) අහස් පුපරා යන්නටද, භූමිය පැළී යාමටද, කඳු කැඩී සුණු විසුණු වී යාමටද ඉඩ ඇත.

أَنْ دَعَوْا لِلرَّحْمَٰنِ وَلَدًا (91)

(එතරම් ඉමහත් අමූලික බොරුවක්ම ඔබ පවසන්නෙහුය. එනම්) රහ්මාන්ට දරුවන් ඇත යයි ඔවුන් පැවසීමේ හේතුවෙන් (එසේ සිදු වන්නට ඉඩ ඇත).

وَمَا يَنْبَغِي لِلرَّحْمَٰنِ أَنْ يَتَّخِذَ وَلَدًا (92)

දරුවන් ඇරගැනීම රහ්මාන්ට සුදුස්සක් නොව.

إِنْ كُلُّ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِلَّا آتِي الرَّحْمَٰنِ عَبْدًا (93)

මන්දයත් අහස්හිද, භූමියෙහිද ඇති සෑම දැයක්ම රහ්මාන් වෙත වහලූන් වශයෙන්ම පැමිණෙන්නේය.

لَقَدْ أَحْصَاهُمْ وَعَدَّهُمْ عَدًّا (94)

ඒ සියල්ලද ඔහු පූරණ වශයෙන් ගණනය කර, දැනගෙන සිටින්නේය.

وَكُلُّهُمْ آتِيهِ يَوْمَ الْقِيَامَةِ فَرْدًا (95)

ඒවා සෑම එකක්ම විනිශ්චය දිනදී ඔහු වෙත තනි තනියෙන්ම පැමිණෙනු ඇත.

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَٰنُ وُدًّا (96)

කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් සියල්ලන්වම ප්‍රිය කරන අන්දමට රහ්මාන් නියත වශයෙන්ම පත් කරනු ඇත.

فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ الْمُتَّقِينَ وَتُنْذِرَ بِهِ قَوْمًا لُدًّا (97)

(නබියේ!) ඔබගේ භාෂාවෙන් අපි මෙය (පහළ කර) පහසු කර තබා ඇත්තේ, මෙමගින් භය භක්තිකයින්ට ශුභාරංචි දීමට හා (පුහු) තර්ක විතර්ක කරන ජනතාවට බිය ගන්වා අනතුරු අඟවන්නටය.

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنْ قَرْنٍ هَلْ تُحِسُّ مِنْهُمْ مِنْ أَحَدٍ أَوْ تَسْمَعُ لَهُمْ رِكْزًا (98)

මීට පෙර බොහොමයක් සමූහයන්ව අපි විනාශ කර ඇත්තෙමු. ඔවුන්ගෙන් එක් කෙනෙකුව හෝ ඔබ දකින්නෙහිද? නැතහොත් ඔවුන්ගේ කොඳුරණ ශබ්දයක් හෝ ඔබට අසන්නෙහිද?