قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ (1)

(නබියේ! ප්‍රාර්ථනා කර) ඔබ මෙසේ පවසනු මැනව! මිනිසුන්ගේ දෙවියන් වෙත මා ආරක්ෂාව පතන්නෙමි.

مَلِكِ النَّاسِ (2)

(ඔහුම) මිනිසුන්ගෙන් (සත්‍යය වූ) රජුය.

إِلَٰهِ النَّاسِ (3)

(ඔහුම) මිනිසුන්ගේ (නැමදුමට යුතු සත්‍යය වූ) දෙවියන්ය.

مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ (4)

සැඟවෙන අපරාධකාරයින්ගේ විපත්වලින් ආරක්ෂා කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ (5)

ඔවුන් මිනිසුන්ගේ හෘදයන්හි (පුහු) සැකයන් උපදවයි

مِنَ الْجِنَّةِ وَالنَّاسِ (6)

(එවැනි අපරාධකාරයින්) ජින්වරුන්ගෙන්ද සිටින්නාහ. මිනිසුන්ගෙන්ද සිටින්නාහ.