لِإِيلَافِ قُرَيْشٍ (1)

කුරයිෂිවරුන්ට (සංචාරය කෙරෙහි) කැමැත්ත ඇති කර-

إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاءِ وَالصَّيْفِ (2)

ශීත සෘතුව, ග්‍රීෂ්ම සෘතුව තුළ සංචාරයන්ට ඔවුන් කැමති වී අත් කර ගන්නා මෙන් සැලැස්වීම වෙනුවෙන්-

فَلْيَعْبُدُوا رَبَّ هَٰذَا الْبَيْتِ (3)

(කෘතඥ වීම පිණිස කඃබාව වන) මෙම නිවසේ දෙවියන්වම ඔවුන් නැමදිය යුතුය.

الَّذِي أَطْعَمَهُمْ مِنْ جُوعٍ وَآمَنَهُمْ مِنْ خَوْفٍ (4)

ඔහුම (ඔවුන් සීසා ගොවිතැන් නොකරම මෙම වාණිජ සංචාරය මගින්) ඔවුන්ගේ කුස ගින්නට ආහාර ලබා දෙමින් සිටින්නේය. (සංචාරයේ අතරමගදී සිදු වෙමින් තිබුණු මිනී මැරුම්, සොරකම් ආදී දරුණු) බියෙන් ඔවුන්ට ආරක්ෂාව ලබා දුන්නේය.